×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
CT හෝල්ඩිංග්ස් සහ කාර්ගිල්ස් පීඑල්සී සතු කාර්ගිල්ස් බැංකු කොටස් හිමිකම සියයට 10කින් අඩු වෙයි
කතෘ මණ්ඩලය 2026 පෙබරවාරි මස 16
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
මහ බැංකුව නිකුත් කළ උපදෙස් අනුව පියවර ගත් බව පවසයි
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කාර්ගිල්ස් බැංකුවෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවන් දෙදෙනා වන කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සහ CT හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් එම කොටස් හිමිකාරීත්වය කොටසක් අලෙවිකර ඇතැයි පවසයි.
ඒ අනුව මේ අතරින් කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම කොටස් 57,193,932ක් අලෙවි කර තිබේ. එය එම සමාගම සතු වූ කොටස් 350,696,905ක් එනම් සියයට 37.09 ක ප්‍රතිශතයෙන් සියයට 6.05 කි.
එසේම CT හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කොටස් 37,870,584ක් අලෙවි කර තිබේ. එය එම සමාගම සතු වූ කොටස් 223,345,953ක් එනම් සියයට 23.62ක ප්‍රතිශතයෙන් සියයට 4.00 කි.
පසුගිය පෙබරවාරි 12 වැනිදා මෙම ගනුදෙනුව සිදු කර ඇති අතර, කාර්ගිල්ස් (සිලෝන්) කොටසක් රුපියල් 8.90ත් 9.50ත් අතර මුදලකටත්, CT හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක් රුපියල් 8.90 ත් 9.70ත් අතර මුදලකට අලෙවි කර තිබේ.
ඒ අනුව මෙලෙස එම සමාගම් දෙක මගින් අලෙවි කළ කොටස් ප්‍රතිශතය සියයට 10ක් ඉක්මවන බවත්, සමාගම් දෙක සතුව කාර්ගිල්ස් බැංකුව තුළ තිබූ කොටස් හිමිකාරීත්වය ලබන මාර්තු 31 වැනිදා සිට සියයට 60.71 කට සිට සියයට 50ක් දක්වා අඩු වන බවත් පවසයි.
කාර්ගිල්ස් බැංකුවෙහි කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ උපදෙස් අනුව මෙම පියවර ගත් බවත් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
අදහස් (0)
CT හෝල්ඩිංග්ස් සහ කාර්ගිල්ස් පීඑල්සී සතු කාර්ගිල්ස් බැංකු කොටස් හිමිකම සියයට 10කින් අඩු වෙයි
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
CT හෝල්ඩිංග්ස් සහ කාර්ගිල්ස් පීඑල්සී සතු කාර්ගිල්ස් බැංකු කොටස් හිමිකම සියයට 10කින් අඩු වෙයි