IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


CSE හි S&P Sri Lanka 20 දර්ශකය වෙනස් වෙයි


කොළඹ කොටස් හුවමාරුවේ S&P Sri Lanka 20  දර්ශකය පසුගිය දෙසැම්බර් 22 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වෙනස්වීමකට ලක්වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව මෙතෙක් එම දර්ශකය තුළ පැවැති සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, චෙව්රොන් ලුබ්‍රිකන්ට්ස් ලංකා, කොමර්ෂල් බැංකුව, LOLC ෆිනෑන්ස් සහ රෝයල් සෙරමික්ස් ලංකා යන සමාගම් ඉන් ඉවත් වන අතර, ඒ වෙනුවට ඇක්සස් ඉංජිනියරින්, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්, සිංගර් ශ්‍රී ලංකා සහ සන්ෂයින් හෝල්ඩිංග්ස් යන සමාගම් ඊට ඇතුළත් වන බව පවසයි.

S&P SL 20 දර්ශකයට වෙළෙඳපොළ වටිනාකම මත පදනම්ව කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත කර ඇති විශාලතම සමාගම් 20 ඇතුළත් වේ. මෙම දර්ශකයට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලැබීමට අවම වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 500 ක චලිත වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය (Float-Adjusted Market Capitalization), මාස හයක මධ්‍යන්‍ දෛනික ගනුදෙනු රුපියල් මිලියන 0.25කට අඩු නොවිය යුතු අතර නැවත සමතුලිත කිරීමේ යොමු දිනයට පෙර මාස 12 තුළ ධනාත්මක ශුද්ධ ආදායමක් ලබා තිබිය යුතුය.

S&P Dow Jones Indices විසින් 2025 අවසාන ප්‍රතිසංශෝධනයට අදාළ දර්ශක සැකසීමට අනුව S&P Sri Lanka 20 දර්ශකයට ඉහත වෙනස්කම් සිදු කළ බව කොළඹ කොටස් හුවමාරුව වැඩි දුරටත් පවසයි.



අදහස් (0)

CSE හි S&P Sri Lanka 20 දර්ශකය වෙනස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site