ආචාර්ය කුලතුංග රාජපක්ෂ ![]() |
![]() |
![]() |
![]() |
![]() |
ආචාර්ය නන්දලාල් වීරසිංහ | ආසියානු සංවර්ධන බැංකුවේ කලාප අධ්‍යක්ෂක ටකාෆුමි කඩානෝ |
මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල |
තිලකා ජයසුන්දර | ආචාර්ය කුලතුංග රාජපක්ෂ |
2025 ජූනි 27 වන දින CMA ශ්‍රී ලංකා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන සමුළුව 2025 සහ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක විශිෂ්ටතා ප්‍රදානය 2025 සමග එක්සත් ජාතීන්ගේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක දිනය සමරනු ලබයි.
CMA ශ්‍රී ලංකා කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන 2025 සමුළුවෙහි පෙ.ව. 8.30 සිට පෙ.ව.10.30 දක්වා ප්‍රධාන අමුත්තා වන්නේ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වන අතර ප.ව. 3.00 සිට ප.ව. 6.30 දක්වා වන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක විශිෂ්ටතා ප්‍රදානය 2025 හි ප්‍රධාන අමුත්තා ආසියානු සංවර්ධන බැංකුවේ කලාප අධ්‍යක්ෂක Takafumi Kadono මහතා වෙයි. බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේදී උත්සවය පැවැත්වෙයි.
උත්සවයේ ප්‍රධාන සහභාගිවන්නන් වනුයේ වාණිජ බැංකු, මූල්‍ය සමාගම් සමග ඔවුන්ගේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක ගනුදෙනුකරුවන් සහ කාර්යමණ්ඩලයයි. මෙම වර්ෂයේ ජාතික ණය සුරැකුම් ආයතනය ආරම්භ වීමත් සමග සියලු උනන්දුපාර්ශවීය බැංකු සහ මූල්‍ය සමාගම් විශාල ප්‍රමාණයෙන් සහභාගි වනු ඇත.
සමාරම්භය සහ තාක්ෂණික සැසි මගින් ගනුදෙනුකරුවන්ට මෙන්ම බැංකු කාර්යමණ්ඩලයට වර්තමානයේ ඇති ප්‍රතිලාභ පිළිබඳ මාතෘකා ආවරණය කරනු ලබයි.
පෙ.ව. 8.30 සිට 10.30 දක්වාවූ සමාරම්භක සැසියේදී ප්‍රධාන අමුත්තා වන මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එක්සත් ජාතීන්ගේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය දින සැමරුමෙහි තේමාව වූ “ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සඳහා ව්‍යාපාර - ව්‍යවසායකයන් සම්බන්ධ කිරීම“ පිළිබඳව කතා කරයි. අනෙකුත් ආරාධිත අමුත්තන් වනුයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියයි. කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන කමිටුවෙහි සභාපති මෙන්ම CMA ශ්‍රී ලංකා ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර් වටවල මහතා පිළිගැනීමේ කථාව කරනු බලන අතර DSI ව්‍යාපාර සමූහයේ සම්මානනීය සභාපති ආචාර්ය කුලතුංග රාජපක්ෂ මහතා අංශයේ සංවර්ධනය සඳහා කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන කමිටුව මගින් දෙනු ලබන සේවා පිළිබඳව කථා කරයි. ඉන්පසුව තාක්ෂණික සැසි ආරම්භ වෙයි.
පළවැනි සැසිය - ඇපකර නොමැතිව කොටස් හිමි බැංකුවල සහය සමගින් ණය සැපයීමේදී ජාතික ණය සුරැකුම් ආයතනයේ භූමිකාව පිළිබඳව ජාතික ණය සුරැකුම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ප්‍රනාන්දු, ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායයන්ගේ අපනයන ප්‍රවර්ධනය සඳහා අපනයනාගාර පිළිබදව JAICA ආයතනයේ හිටපු සභාපති අතුල එදිරිසිංහ, විද්‍යුත් වාණිජ්‍යය සහ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳව උපායමාර්ගික උපදේශක, ඩිජිටල් සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ උපදේශක සාන්ජිනී මුණවීර, ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍යායතනයේ සහයෝගය පිළිබඳව ජාතික ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍යායතනයේ සභාපති ලක්ෂ්මන් අබේසේකර සහ උපකොන්ත්‍රාත්තු සහ විශාල ව්‍යාපාර සමග සම්බන්ධීකරණය පිළිබඳව පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක යන මහත්ම මහත්මීන්ගේ සමාලෝචන පළවන සැසියට ඇතුළත් වෙයි.
දෙවැනි සැසිය - මණ්ඩල සාකච්ඡාවක් වන අතර මැදිහත්කරුවන් වන හැටන් නැෂනල් බැංකුවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බී. රෙකොගම මහතා, කොමර්ෂල් බැංකුවේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය කළමනාකරු මලික ද සිල්වා මහතා සමග කොමර්ෂල් බැංකුවේ ප්‍රධානීන් සාකච්ඡාවට සහභාගි වෙයි. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය ගනුදෙනුකරුවන්ගේ ණය පහසුකම්, ගනුදෙනුකරුවන් පුනරුත්ථාපනය කිරීම, අපනයන මූල්‍යනය, ව්‍යාපාර ව්‍යාප්තිකරණය සඳහා අරමුදල්, කාරක ප්‍රාග්ධන ණය, ව්‍යවසායකත්ව සංවර්ධනය යන කරුණු සමග සහභාගිවන්නන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු වටයකින් මෙය සමන්විත වෙයි.
අවසාන සැසිය ප.ව. 3.00 සිට ප.ව. 6.30 දක්වා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරික විශිෂ්ටතා ප්‍රදානයයි.
හොඳම ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරික විශිෂ්ටතා දහයක් සමග නිෂ්පාදනය, කෘෂිකර්මය, කෘෂි-පාදක කර්මාන්ත, සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර ක්‍රියා බාහිරකරණය, අපනයනය, කාන්තාවන් මෙහෙයවන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සහ වෙනත් අංශ පිළිබඳ ආංශික ප්‍රදාන මෙයට ඇතුළත් වෙයි.
ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරික විශිෂ්ටතා ප්‍රදානය කිරීමේ උත්සවයේ විශේෂ ලක්ෂණයක් වනුයේ රන්, රිදී සහ ලෝකඩ සම්මාන ලබන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක සමස්ත ජයග්‍රාහකයන් අතුරින් තිදෙනකු තම සාර්ථකත්වයේ කථාන්තරය ඉදිරිපත් කිරීමයි.
සියලු ප්‍රදානලාභීන් ප්‍රධාන අමුත්තා වන ආසියානු සංවර්ධන බැංකුවේ කලාප අධ්‍යක්ෂක Takafumi Kadono මහතා අතින් රන්, රිදී සහ ලෝකඩ සම්මාන ලබාගනු ඇත.
ජයග්‍රහණය කරන ලද සියලු ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් නම් කරන ලද බැංකු සහ මූල්‍ය සමාගම් විශේෂ පිළිගැනීමකට භාජනය කරනු ලැබේ.
ව්‍යාපාරික සමුළුව සඳහා අයදුම් පත්‍ර සහ ව්‍යාපාරික විශිෂ්තා ප්‍රදානය සඳහා නම්කිරීම් 2025 ජූනි 20 දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.
තම ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක ගනුදෙනුකරුවන් සමග ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන සමුලුවට සහ පළමු වරට පැවැත්වෙන කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරික විශිෂ්ටතා ප්‍රදානයට සහභාගි වන සියලු බැංකු සහ මූල්‍ය සමාගම් සඳහා විශේෂ පිළිගැනීමක් පිරිනැමෙන අතර ත්‍යාගලාභීන්ට මෙම සම්මාන විශේෂ ලක්ෂණයක් වනු ඇත.
මේ පිළිබඳව උනන්දුවක් දක්වන අය වෙතොත් CMA ආයතනයේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශයේ ලේකම් රම්‍යානි - දු.ක. 0776292492 හෝ අකීලා - දු.ක. 0719467348 මගින් සම්බන්ධ කර ගත හැකිය.
CMA ශ්‍රී ලංකා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන සමුළුව 27දා විශිෂ්ටතා ප්‍රදානය සමග උත්සවය බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී