IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


CEAT සමාගම BOI සමග ඩොලර් මිලියන 171ක ආයෝජන එකඟතාවක

  • මෙය ආසන්න කාලසීමාවේදී ඉන්දියාවෙන් හිමිවූ විශාලතම ආයෝජන අතරින් එකක්
  • මෙම ආයෝජනයත් සමගින් මෙරට තුළ Off-Highway ටයර නිෂ්පාදනය තවදුරටත් ඉහළට

භානුක අමරසිංහ

ඉන්දියාවේ CEAT සමාගමට අයත් ශ්‍රී ලංකාවේ පිහිටි CEAT OHT Lanka (පෞද්) සමාගම මෙරට තුළ සිදුකරන ඩොලර් මිලියන 171ක ආයෝජනයක් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමගින් පසුගිය දා එකඟතාවකට පිවිසි බව එම මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව මෙය ඉන්දියාවෙන් මෙරට වෙත සිදුකරන තවත් විශාලතම ආයෝජනයක් ලෙසින්ද සටහන්ව තිබේ.

මෙම නව ආයෝජන එකඟතාවත් සමගින්ම ශ්‍රී ලංකාව ගෝලීය OHT (Off-Highway Tyres) කාණ්ඩය තුළ ශ්‍රී ලංකාවේ තත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවත්, එය අපනයන මූලික කරගත් සංවර්ධනයේදී ශ්‍රී ලංකාව තරගකාරීත්ව මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමටත් වැදගත් වනු ඇති බවත් පවසයි.

CEAT සමාගම සිදුකරන ලද Michelin සමූහයේ මෙහෙයුම් අත්පත් කරගැනීමේ අවස්ථාවෙන් අනතුරුව මෙම ආයෝජනය කිරීමත් විශේෂත්වයකි. මෙම අත්පත් කරගැනීම යටතේ Michelin සමූහයට අයත් මිදිගම පිහිටි කර්මාන්තශාලාව සහ කොටුගොඩ පිහිටි වාත්තු නිෂ්පාදන කර්මාන්තශාලාවද CEAT සමාගම යටතට පත්විය. එසේම මෙම පියවරත් සමගින්  CEAT සමාගම වෙත සුප්‍රසිද්ධ Camso සන්නාමයේ ගෝලීය හිමිකාරීත්වයද හිමිවිය.

මෙම එකඟතාව සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා මෙසේ පැවසීය. “CEAT සමාගම ශ්‍රී ලංකාව තුළ සිදුකළ මෙම සුවිශේෂී ආයෝජනය ගැන අපි සතුටු වෙනවා. මෙය ආසන්න කාලයේදී ඉන්දියාවෙන් මෙරටට හිමිවූ විශාලතම ආයෝජනයක්. මෙම අනුමැතිය මගින් CEAT සමාගමේ දැක්ම සම්බන්ධයෙන් අප සතු විශ්වාසය පෙන්නුම් කරනවා. ඒ වගේම මේ හරහා ගෝලීය නිෂ්පාදන සහ අපනයන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වය තවදුරටත් ඉහළ නංවාවි.

 



අදහස් (0)

CEAT සමාගම BOI සමග ඩොලර් මිලියන 171ක ආයෝජන එකඟතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site