IMG-LOGO

2026 මාර්තු මස 01 වන ඉරිදා


CDB ෆිනෑන්ස් 1:10ක් බැගින් කොටස් අතුරු බෙදීමක

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම කොටස් අතුරු බෙදීමක් හරහා සිය කොටස් ඉහළ නංවාගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනුව නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක්ම තවත් කොටස් 10ක් ලෙසත්, සෑම නිෂ්ඡන්ද කොටසක්ම තවත් කොටස් 10ක් ලෙසත් බෙදීමක් සිදු කරන බව සඳහන් වෙයි. 
සමාගම මගින් මේ වනවිට ඡන්ද හිමි කොටස් 61,374,456ක් නිකුත් කර ඇති අතර, මෙම බෙදීමත් සමගින් එය කොටස් 613,744,560ක් දක්වා ඉහළ යයි. එසේම නිකුත් කර ඇති නිෂ්ඡන්ද කොටස් 10,343,668ක ප්‍රමාණය කොටස් 103,436,680ක් දක්වා ඉහළ යයි. කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීම හේතුවෙන් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය ඉහළ යෑමක් සිදු නොවන බව සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.



අදහස් (0)

CDB ෆිනෑන්ස් 1:10ක් බැගින් කොටස් අතුරු බෙදීමක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site