IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


CBC ෆිනෑන්ස් රු.බි. 1.5ක ණයකර නිකුතුව නොවැම්බර් 18 වැනිදා

භානුක අමරසිංහ 


කොමර්ෂල් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගමක් වන CBC  ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 1.5ක් වටිනා ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා ලබන නොවැම්බර් 18 වැනිදා විවෘත කරන බව පවසයි. 
මෙහිදී ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන පිරිමුදවාගත හැකි ණයකර ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුමයි. ඒ යටතේ මූලික නිකුතුව ලෙස ණයකර කොටස් 10,000,000ක් නිකුත් කෙරෙන අතර, ඒ සඳහා හිමිවන වාර්ෂික ස්ථාවර පොලී අනුපාතය සියයට 11.50කි. ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් 5,000,000ක් නිකුත් කෙරේ. 
මෙම නිකුතු දෙක හරහාම ණයකර කොටස් 15,000,000ක් නිකුත් කෙරෙන අතර, කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී තිබේ. ඒ අනුව නිකුතුව හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 1.5 කි. 



අදහස් (0)

CBC ෆිනෑන්ස් රු.බි. 1.5ක ණයකර නිකුතුව නොවැම්බර් 18 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site