IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


CBC Finance ණයකරයට ෆිච් රේටින්ග්ස් වෙතින් BBB+ ශ්‍රේණිගත කිරීමක්

භානුක අමරසිංහ


කොමර්ෂල් බැංකුවට පූර්ණ හිමිකාරීත්වය සහිත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන CBC Finance Limited මගින් යෝජනා කර ඇති රුපියල් බිලියන 1.5ක් වටිනා ණයකර නිකුතුව වෙත  BBB+ ලෙස ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරිමක් ලබාදෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි. 
උපප්‍රධාන ලැයිස්තුගත ණයකර නිකුතුවක් ලෙස මෙය සිදුකිරීම යෝජනා වී තිබේ. වසර පහකින් කල් පිරෙන ලෙස ස්ථාවර කූපන් අනුපාතයක් යටතේ ඉදිරිපත් කෙරෙන මෙම ණයකරය, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමටද CBC Finance Limited  සැලසුම් කර තිබේ. සිය අදියර 2 ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් කිරීම සහ ව්‍යාපාර පුළුල් කිරීම සඳහා සහාය ලබාගැනීම මෙම නිකුතුවේ අරමුණ බව සමාගම පවසයි.
ෆිච් රේටින්ග්ස් ආයතනය මේ වසරේ ජනවාරි මාසයේදී CBC Finance Limited හි ණය ශ්‍රේණිගත කිරීමද BBB+ මට්ටමේ සිට A දක්වා ඉහළ නැංවුණි.



අදහස් (0)

CBC Finance ණයකරයට ෆිච් රේටින්ග්ස් වෙතින් BBB+ ශ්‍රේණිගත කිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site