IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


CBC ෆිනෑන්ස් - TVS ලංකා අතර අවබෝධතා ගිවිසුමක්

කොමර්ෂල් බැංකුවට පුර්ණ අනුබද්ධිත එකම මුල්‍ය ආයනය වන CBC ෆිනෑන්ස් ආයතනය හා ත්‍රී රෝද රථ, මෝටර් සයිකල් සඳහා දිවයිනේ ප්‍රමුඛතම නාමයක් වන TVS ලංකා (පුද්) සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කළේය. TVS IQUBE - ඉලෙක්ට්‍රික් ස්කුටර (EV) හා අනෙකිත් යතුරුපැදි සඳහා අත්සන් කෙරුණු මෙම අවබෝධතා ගිවිසුම අනුව සහනදායි මුලික ගෙවීම් සහ පොලී අනුපාත යටතේ ලීසිං පහසුකම් ශ්‍රී ලාංකීය ජනතාවට ලබාදෙනු ලබයි.
 CBC ෆිනෑන්ස් ආයතනය වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂක/ ප්‍රධාන විධායක නිලධාරී චමිලන්ත ප්‍රනාන්දු සහ TVS ලංකා (පුද්) සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂක ගීතාල් ඇන්තනි යන මහත්වරු අත්සන් තැබූහ. CBC ෆිනෑන්ස්හි නිෂ්පාදන ව්‍යාපාර ප්‍රධානි, රංගන ෂමිල් කුමාර, ජ්‍යේෂ්ඨ කළමනාකරු - ත්‍රිරෝද රථ/මෝටර් සයිකල්, රවින්ද්‍ර රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම TVS ලංකා (පුද්) සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරීනි, දයානි තුල්ෂිකා, නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්ෂක - විකුණුම්, මාලක වේහැල්ල මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

CBC ෆිනෑන්ස් - TVS ලංකා අතර අවබෝධතා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site