
චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව විද්‍යාලයෙන් චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබේ.
ආචාර්ය උපාධිය පිරිනැමීමේ උත්සවය එම විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර වැඩසටහන් අධ්යක්ෂ / සභාපති, මහාචාර්ය, ආචාර්ය Ricardo Saavedra Hidalgo මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඔහු ඒ සඳහා ඉදිරිපත් කළ නිබන්ධනය චීන කටු චිකිත්සාව සහ ඒකාබද්ධ වෛද්‍ය ක්‍රම ආශ්රිත සුවිශේෂ අංශයක් වන ආහාර ජීර්ණ පද්ධතිය සහ මොළය අතර ඇති සන්නිවේදන සම්බන්ධතාව පිළිබඳ අධ්‍යයනයක් විය.
වසර 25කට වැඩි සායනික අත්දැකීම් සහිත වෛද්‍ය විට්ටහච්චි Buddhika Vittahachchi Hospital පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ සහ නිර්මාතෘ වේ. විශේෂිත චීන කටු ප්‍රතිකාර, සාම්ප්‍රදායික චීන වෛද්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් ආශ්රිත ප්‍රතිකාර සේවා රැසක් එහිදී ගත හැකිය. රෝගී කේන්ද්‍රීය ප්‍රවේශයක් සමග උසස් ප්‍රතිඵල සහිත ප්‍රතිකාර සේවා සපයන ඔහු ක්ෂේත්රයේ ප්රමුඛයෙකි. 2000 සිට 2010 දක්වා ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කටු චිකිත්සාව පිළිබඳ වෛද්‍යවරයා ලෙස සේවය කළේය. ඔහු රාජ්‍ය අංශය තුළ පවතින ඒකාබද්ධ ප්‍රතිකාර සේවා සංවර්ධනයට විශාල දායකත්වයක් දක්වා තිබේ.
ඔහු දේශීය සහ අන්තර්ජාතික සම්මාන සහ ඇගැයීම් රැසක්ද ලබා ඇත. කටු චිකිත්සාව සහ සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමය වෙනුවෙන් ඉටු කර ඇති සේවාව අගයමින් International World Record of Asia පිරිනමන ජාතික සම්මානය ඒ අතරින් ප්‍රධාන වේ. කටු චිකිත්සාව සහ සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ ගෝලීය විශිෂ්ටත්වය වෙනුවෙන් Iconic Award සම්මානයද දිනූ ඔහු විශිෂ්ටම චර්ම සහ කටු චිකිත්සා ප්‍රතිකාර සපයන්නා ලෙස Iconic Award 2025 සම්මාන උළෙලේදීද ඇගැයීමට ලක් විය. සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් ඉටු කර ඇති සේවය අගයමින් ජෙරුසලම්හි Knights of St. John 2025දී ඔහුට ගෞරවනීය නයිට් පදවියක්ද පිරිනමා තිබේ.
Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘට ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රුසක්