IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


BWIO රන් සම්මානයෙන් EKRO Lanka Trading පිදුම් ලබයි


EKRO Lanka Trading පෞද්ගලික සමාගම BWIO 2025  සම්මාන උළෙලේදී මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග අංශයේ ප්‍රමුඛතම ආනයනකරු හා බෙදා හරින්නා ලෙස රන් සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී කළමනාකරණ අධ්‍යක්ෂ සුරන්ජිත් කපිල මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 

කුරුණෑගල පිහිටි EKRO Lanka Trading සමාගම පසුගිය දශකය තුළ උසස් තත්වයේ අත් මෙවලම්, විදුලි මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග ආනයනය කරන හා බෙදා හරින සමාගමක් ලෙස විශ්වසනීය නමක් දිනා තිබේ. එම සමාගම කෘෂිකර්ම, ඉදි කිරීම්, ආහාර නිෂ්පාදන වැනි කර්මාන්ත සහ ගෘහ අවශ්‍යතා සඳහා අවශ්‍ය නිෂ්පාදන රැසක් චීනයෙන් සහ වියට්නාමයෙන් සෘජුව ආනයනය කරයි.

ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදන සහ සේවා පාරිභෝගිකයන්ට සැපැයීම පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරනEKRO Lanka Trading  සමාගම සෑම නිෂ්පාදනයකම උසස් ප්‍රමිතිය සහතික කරන අතර සියලු‍ම මෙවලම් සහ යන්ත්‍රෝපකරණ සඳහා අලෙවියෙන් පසු සේවා සපයයි. ගොවීන්, කොන්ත්‍රාත්කරුවන්, අනෙකුත් කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය සියලු‍ම මෙවලම් සහ යන්ත්‍රෝපකරණ එම ආයතනයෙන් මෙන්ම ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේද මිල දී ගත හැකිය. පළපුරුදු කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන මෙවලම් සහ යන්ත්‍රෝපකරණ තෝරා ගැනීමට ඔවුන්ට සහාය වේ. ඒවා භාවිත කරන ආකාරය සහ භාවිතයේදී ඇති වන ගැටලු‍ විසඳා ගන්නා ආකාරය පිළිබඳවද ඔවුහු පාරිභෝගික ප්‍රජාව දැනුවත් කරති. රට පුරා විහිදුණු බෙදා හැරීමේ ජාලයක් සහිත EKRO Lanka Trading  සමාගම රට පුරා ජනතා විශ්වාසය දිනා ඇත. දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇති එම සමාගම ඉදිරියේදී සිය නිෂ්පාදන පරාසය පුළුල් කිරීමට කටයුතු යොදා තිබේ.



අදහස් (0)

BWIO රන් සම්මානයෙන් EKRO Lanka Trading පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site