IMG-LOGO

2025 ජුලි මස 25 වන සිකුරාදා


BIDITසහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක්


නිමල කොඩිතුවක්කු


ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDIT) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සංකීර්ණ සමකාලීන ලෝකයේ එකිනෙකා සමඟ සමීපව සම්බන්ධ වී ඇති ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු සඳහා නව්‍ය අදහස් සහ මත ලබා ගැනීමේ අරමුණ සහිතව පොදුවේ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාවක් පවත්වා ගැනීම සඳහා ආයතනික සබඳතා ඇති කර ගැනීම මෙහි අරමුණයි.

ඒ සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජිත අතර එමඟින් විශේෂඥතාව බෙදා ගැනීම, රාජ්‍යතාන්ත්‍රිකයන්, විද්වතුන්, නිලධාරීන්, විශේෂඥයන් සහ පර්‌යේෂකයන් හුවමාරු කර ගැනීම මෙන්ම අධ්‍යයන හා පර්‌යේෂණ වැඩසටහන්, විවිධ පාඨමාලා, සම්මන්ත්‍රණ, රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ අනෙකුත් අධ්‍යයන කටයුතු සහ පුහුණු වීම් වලට අදාළ විශේෂඥතාව සංවිධානය කිරීම සහ හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිත ය.

 



අදහස් (0)

BIDITසහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site