IMG-LOGO

2026 ජනවාරි මස 07 වන බදාදා


‘Atlas පාට ලොවක් දිනන හෙටක්’ හෙට ලොව දිනන දරුවන්ගේ සිහින සිතුවම් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වනAtlas, විසින් ‘Atlas පාට ලොවක් දිනන හෙටක්’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා චිත්‍ර තරඟය - 2025 පසුගියදා කොළඹ ආකේඩ් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී විචිත්‍රවත් අන්දමින් නිමා වූයේ අගනා තෑගි ප්‍රදානෝත්සවයක් ද සමගිනි.
 දරුවන්ට සතුටින් ඉගෙන ගැනීම සඳහා නිරන්තර අත්වැලක් සපයන Atlas , නිර්මාණශීලීත්වයෙන් හෙබි අනාගත පරපුරක් බිහි කිරීමේ පරමාර්ථය ඇතිව සංවිධානය කළ මෙම චිත්‍ර තරගයේ දී, පෙර පාසල් මට්ටමේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා සිසු දරුවන් කාණ්ඩ පහක් ඔස්සේ තම සිතුවම් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමි විය. එහිදී තෝරාගනු ලැබූ සමස්ත ලංකා ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග, සහතික පත් සහ ත්‍යාග කට්ටල හිමි වූ අතර එක් එක් කාණ්ඩයකට අයත් කුසලතා ජයග්‍රාහකයන් රැසක් ද ඇගයීමට ලක් කළේය.
 මෙම චිත්‍ර තරගයට සිසු දරුවන්, මවුපියන් සහ අධ්‍යාපනවේදීන් රැසක් සහභාගී වී සිටි අතර, ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය සහ කලාත්මක හැකියාව ඉස්මතු කරමින්, පාසල් දරුවන් තුළ නිර්මාණශීලීත්වය හා පරිකල්පන හැකියාව ගොඩනැගීම සඳහා වන Atlas හි අඛණ්ඩ දායකත්වය ද මැනවින් කැපී පෙනුණි. 



අදහස් (0)

‘Atlas පාට ලොවක් දිනන හෙටක්’ හෙට ලොව දිනන දරුවන්ගේ සිහින සිතුවම් අගයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site