IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


Asia Securities වෙතින් ඔන්ලයින් ආයෝජකයන්ට ‘Athena’ වේදිකාවක්

  • TradingView සමඟ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කරන ලද  ලංකාවේ ප්‍රථම නව්‍ය ගෝලීය වෙළෙඳ වේදිකාව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොටස් තැරැව්කාර සමාගමක් වනAsia Securities,  ලෝකයේ පුළුල් ලෙස භාවිත කෙරෙන මාර්ගගත වෙළෙඳ සහ විශ්ලේෂණ මෙන්ම සමාජ වේදිකාවක් වන TradingView සමග සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කරන ලද මෙරට ප්‍රථම සහ එකම කොටස් වෙළෙඳ වේදිකාව වනි ‘Athena’ හඳුන්වා දී ඇත. මෙය රටවල් 200කට අධික සංඛ්‍යාවක ආයෝජකයන් මිලියන 100කට නොඅඩු සංඛ්‍යාවක් විසින් භාවිත කරනු ලැබේ.

Asia Securities  සතු පර්යේෂණ සහ වෙළෙඳපොළ දැනුම භාවිතයෙන් නිර්මාණය කරන ලද Athenaවේදිකාව, නවීන සහ භාවිතයට සරල අතුරු මුහුණතකින් යුක්ත වන අතර ආයෝජකයන්ට අවශ්‍ය සවිස්තරාත්මක ප්‍රස්ථාර, ඔවුන්ගේ අවශ්‍යතාවලට අනුව භාවිතයට ගත හැකි විශ්ලේෂණ උපකරණ සහ ක්ෂණික මිලදී ගැනීමේ සහ විකිණීමේ පහසුකම් වලින් සමන්විත වේ. මෙය  ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ආයෝජකයන්ට අසමසම පාලනයක්, නම්‍යශීලී බවක් සහ ජාත්‍යන්තර තලයේ මෙවලම් සඳහා ප්‍රවේශයත් යන සියල්ල එකම වේදිකාවක් මගින් ලබා දෙයි. 

මෙම හඳුන්වාදීමේ අවස්ථාවට එක්වූ Asia Securities  හි සභාපති, දුමිත් ප්‍රනාන්දු මහතා මෙම වේදිකාව සංවර්ධනය කිරීම පිටුපස ඇති දැක්ම ඉස්මතු කළ අතර ඔහු සිය අදහස් මෙලෙස ප්‍රකාශ කළේය. ”‍මෙවැනි නවීන වෙළෙඳ වේදිකාවක්  ලංකාවට හඳුන්වා දුන් පළමු ආයෝජන සමාගමAsia Securities  වීම පිළිබඳව අපි නිහතමානීව ආඩම්බර වෙනවා.  Athena  නිර්මාණය කර ඇත්තේ තීක්ෂණ බුද්ධිය සහ නවෝත්පාදනය යන අපගේ මූලික වටිනාකම් ද්විත්වයම අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබා දීමේ පරමාර්ථයෙන්. මෙම වේදිකාව අපගේ වර්ධනය වන ඔන්ලයින් ආයෝජකයන් සවිබල ගන්වන අතර, ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණයට සහාය වෙමින්, ඒවා ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල කරවයි. දේශීය ආයෝජකයන් විසින් පසුගිය වසර 05 තුළ සජීවී කොටස් වෙළෙඳපොළක් නිර්මාණය කිරීම කෙරෙහි සුවිශේෂී  කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.අපි නිරන්තරයෙන්  දේශීය ආයෝජකයන්ගේ එම අද්විතීය  කාර්යභාරය ඇගයීමට කටයුතු කර තිබෙන අතර  ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ ඔවුන්ගේ ගමන සඳහා වඩාත් ප්‍රයෝජනවත් ලෙස ඔවුන්ට දායකයත්වය ලබාදීමට  අපි බලාපොරොත්තු වෙනවා. ගනුදෙනුකරුවන් වෙත ඉහළම ප්‍රමිතීන්ගෙන් යුතු සේවාවක් සපයමින්, අඛණ්ඩතාව සහ නවෝත්පාදන සඳහා ආයෝජනය කිරීම ඔස්සේ  ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉදිරියට රැගෙන යාමට අපි කැපවී සිටිනවා. Athena මගින් එය වඩාත් හොඳින් ක්‍රියාත්මක කරනවා. ”

ස්වාධීන වෙළෙඳුන්ට මීට පෙර විශ්ලේෂණ කටයුතු සිදු කිරීමට සහ අන්තර්ජාලය හරහා වෙළෙඳාම් කිරීමට ඉතා සංකීර්ණ මෙවලම් රාශියක් භාවිත කිරීමට සිදු විය. Athena එයට විසඳුමක් ලෙස ජංගම සහ වෙබ් වෙළෙඳාම, අවශ්‍ය ඕනෑම වර්ගයක ඇණවුමක් කිරීමේ හැකියාව, අවශ්‍යතාව අනුව ලබාගත හැකි නිරීක්ෂණ ලැයිස්තු, අවශ්‍ය ඕනෑම වේලාවක ආයෝජන කළඹ නිරීක්ෂණය කිරීමේ හැකියාව, වෙළෙඳපොළ ගැඹුර පිළිබඳ අදහස් සහ පෙද්ගලීකරණය කළ ඇලර්ට්ස් සේවා යන සියල්ල එකම ස්ථානයක ලබා දීමෙන් වෙළෙඳාම් ක්‍රියාවලිය සරල කර ඇත. මෙම වේදිකාව හඳුන්වාදීමෙන් Asia Securities  නැවත වරක්  ලංකාවේ වඩාත්ම නව්‍ය ආයෝජන සමාගම බවට පත්වෙමින් රටේ ප්‍රාග්ධන වෙළෙඳපොළ නවීකරණය කිරීමේ සහ ආයෝජකයන්ගේ අපේක්ෂා ඉහළ නැංවීමේ සිය මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යයි.

මෙම හඳුන්වාදීම සිදුවන්නේ Asia Securities  සඳහා ඉතා සාර්ථක වසරක් අවසානයේ ය. සමාගම අඛණ්ඩව පසුගිය වසර කිහිපය තුළ සමාන ජයග්‍රාහණ ලබාගනිමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙළෙඳපොළ පිරිවැටුමේ කොටස අනුව, ලංකාවේ අංක එකේ කොටස් තැරැව්කාර සමාගම බවට පත්විය. තවද Finance Asia Awards 2025 සම්මාන උළෙලේදී ”‍ශ්‍රී ලංකාවේ හොඳම කොටස් තැරැව්කරු”‍ ලෙස  සමාගම 06 වැනි වරටත් සම්මානයට පාත්‍ර වූ අතර, සමාගමේ පර්යේෂණ කණ්ඩායම CFA Society of Sri Lanka Capital Market Awards 2025 සම්මාන උළෙලේ දී ”‍හොඳම කොටස් තැරැව්කාර පර්යේෂණ කණ්ඩායම”‍ ලෙස ද සම්මානයට පාත්‍ර විය. කර්මාන්තය තුළ සමාගමේ දිගුකාලීන නායකත්වය ඉස්මතු කරමින් මෙම සියලු‍ සාර්ථකත්වය සමාගම සිය 35 වසරක අභිමානවත් සංවත්සරය සැමරූ වසරේදීම සිදුවීම සුවිශේෂී කරුණකි. 

 



අදහස් (0)

Asia Securities වෙතින් ඔන්ලයින් ආයෝජකයන්ට ‘Athena’ වේදිකාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site