IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


Asia Miracale සම්මාන උළෙල අද

Asia Miracale Awards 2025 සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් ටාජ් සමුද්‍රා හෝටලයේදී අද හවස 4.30පැවැත්වීමට Mugp international organization ආයතනය සියලු කටයුතු සංවිධානය කොට ඇත.

දේශීයව සහ අන්තර්ජාතික මට්ටමින් සිදුකරන මහජන සමීක්ෂණ තුලින් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ව්‍යවසායකයන් ව්‍යාපාර විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, කලාවන් සහ නවෝත්පාදකයන් ඇගයීම සහ එහි දියුණුවක් ඇතිකිරිම MUGP ආයතනයේ අරමුනයි.

මෙවර උළෙල Art TV නාලිකාව තුලින් සජීවීව විකාශනය කිරීම තුලින් මුලුමහත් ශ්‍රී ලංකීය ජනතාවටම එම අවස්ථාව සජීවීව දැක ගත හැකි බව සංවිධායක මණ්ඩලය කියයි. 

ඩිජිටල් මාධ්‍ය ඔස්සේද 100Talk ෆේස්බුක් පිටුව හරහා හවස 4.45 සිට මෙම උත්සවයේ සජීවී විකාශය ලොවපුරා විහිදි සිටින ශ්‍රී ලාංකීය ජනතාවටද නැරඹිය හැකිවනු ඇත.

 



අදහස් (0)

Asia Miracale සම්මාන උළෙල අද

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site