IMG-LOGO

2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා


American Premium Water සමාගමේ ‘Fill Her Glass’ ව්‍යාපෘතියට Dragons of Asia 2026 දී රන් සම්මානයක්

වසර 30 ක් පුරා ශ්‍රී ලංකාවේ බෝතල් කළ පානීය ජල කර්මාන්තයේ පුරෝගාමියකු ලෙස ඉදිරියෙන්ම සිටින American Premium Water  සමාගම ලෝක ජල දිනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ‘Fill Her Glass’  ප්‍රචාරණ ව්‍යාපෘතියට, මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේදී පැවති Dragons of Asia Awards  හිදී ‘Cause, Environment or Sustainability’  කාණ්ඩය යටතේ Gold Dragon  සම්මානයක් සහ ‘Small Budget’  කාණ්ඩය යටතේ Black Dragon  සම්මානයක් හිමි විය.
එමෙන්ම, ආසියාවේ විශිෂ්ටතම ප්‍රචාරණ ව්‍යාපෘතිය ඇගයීමට ලක් කරන ‘Red Dragon’ කාණ්ඩයේ අවසන් වටය සඳහාද එය නිර්දේශ විය.
තිරසාරත්වය යනු පාරිසරික වගකීමක් පමණක් නොවන බවත්, සමාජ ප්‍රගතිය හා සමානාත්මතාවද ඊට අදාළ බවත් American Premium Water  විශ්වාස කරයි. එම විශ්වාසය ඔස්සේ ක්‍රියාවට නංවන ලද ‘Fill Her Glass’ ව්‍යාපෘතිය මගින්, ජල පහසුකම් අවම ප්‍රදේශවල කාන්තාවන් සහ ගැහැනු දරුවන් මුහුණ දෙන, එහෙත් බොහෝ විට කතාබහට ලක් නොවන අභියෝග පිළිබඳව අවධානය යොමු කරන ලදී. 
එමෙන්ම ජලය එක්රැස් කිරීමේ වගකීම ඔවුන් වෙත පැවරීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට, ජීවනෝපායට සහ ජීවන තත්වයට ඇති වන බලපෑමද මෙහිදී ඉස්මතු කෙරිණි.
මෙම ප්‍රචාරණ ව්‍යාපෘතියේ මූලික තේමාව වූයේ ‘ලෝකය පුරවන ඇයගේ වීදුරුව හිස් ය’ යන්නයි.



අදහස් (0)

American Premium Water සමාගමේ ‘Fill Her Glass’ ව්‍යාපෘතියට Dragons of Asia 2026 දී රන් සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site