IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


‘Amazing Asia Festival 2025’ ප්‍රදර්ශනයට දෙවැනි වරටත් ශ්‍රී ලංකා නියෝජනයක්

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගීත්වය ඇතිව බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට බ්‍රසල්ස් නුවරදී පැවැති ‘Amazing Asia Festival 2025’ ප්‍රදර්ශනයට දෙවැනි වරටත් සහභාගී වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය.
පසුගිය 15 සිට 17 වැනිදා දක්වා පැවැති එම ප්‍රදර්ශනයට 12,000 ක් පමණ පැමිණි බවත් එහිදී ගෝලීය සංචාරකය සිතියමේ ශ්‍රී ලංකාවට තිබෙන තැන පැමිණි පුද්ගලයන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැහැදිලි කරදී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. එසේම ශ්‍රී ලංකා කුටියේ මෙරට සංචාරය කරන්නන්ට අවශ්‍ය තොරතුරු මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදනද ප්‍රදර්ශනය කර ඇතැයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

‘Amazing Asia Festival 2025’ ප්‍රදර්ශනයට දෙවැනි වරටත් ශ්‍රී ලංකා නියෝජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site