ජාත්‍යන්තර තීන්ත සහ ආලේපන සමාගමක් වනAkzoNobel, මෙරට වඩාත්ම ප්‍රකට ඓතිහාසික උරුමයන් අතරින් එකක් වන ගාල්ල ප්‍රදීපාගාරයේ ප්‍රතිසංස්කරණ සහ නඩත්තු කටයුතු සඳහා මෑතකදී දායක විය. AkzoNobel යනු Dulux තීන්ත නිෂ්පාදනය කරන මවු සමාගම වන අතර, මෙම වටිනා උරුමය අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවල මූලික අරමුණ විය.
යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාලුකොටුව තුළ පිහිටි ගාල්ල ප්‍රදීපාගාරය ශ්‍රී ලංකාවේ පැරණිතම ප්‍රදීපාගාරය ලෙස සැලකේ. මෙය ගාලු කොටුව තුළ පමණක් නොව, ලංකාවේ දකුණු පළාතේ මෙන්ම මුළුමහත් ලංකාවේම ජනප්‍රියම ස්ථානවලින් එකකි. 19 වන සියවසේ මැද භාගයේ ඉදිකරන ලද මෙම සුවිශේෂී ප්‍රදීපාගාරය අදටත් දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ ඓතිහාසික ස්ථානයක් ලෙස පවතී.
“ශ්‍රී ලංකාව වැනි ප්‍රොඪ ඉතිහාසයක් හා උරුමයක් හිමි රටක ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කමක් සහිත ස්ථාන අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම සඳහා දායක වීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා. මෙම ව්‍යාපෘතිය අපට විශේෂ වැදගත්කමකින් යුත් ව්‍යාපෘතියක්. ලංකාවේ වෙරළබඩ දේශගුණ තත්වයන්ගෙන් එල්ල වන අභියෝගවලින් මෙවැනි ඓතිහාසික ස්මාරක ආරක්ෂා කිරීම සඳහා, ඒ වෙනුවෙන්ම නිෂ්පාදිත විශිෂ්ටතම තලයේ නිෂ්පාදන භාවිත කළ යුතුයි. එවැනි තීන්ත හා ආලේපන රැසක් අප සතුව තිබෙනවා.”AkzoNobel Paints Lanka සමාගමේ අලෙවිකරණ ප්‍රධානී උපේන්ද්‍ර ගුණවර්ධන මහතා පැවසීය.
ගාලු උරුමය පදනම, ගාලුකොටුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් සමග එක්ව කටයුතු කරමින් AkzoNobel සමාගම, ප්‍රදීපාගාරය ආරක්ෂා කිරීම සඳහා සම්පූර්ණ වර්ණ ගැන්වීමක් සිදු කළ අතර, විශේෂිත ආරක්ෂිත ආලේපනයක්ද ගල්වන ලදී. මෙමගින් වෙරළබඩ පරිසරයේ අභියෝගවලින් ප්‍රදීපාගාරයට දීර්ඝ කාලයක් පුරා ආරක්ෂාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගාල්ල ප්‍රදීපාගාරය දැඩි හිරු එළියට, අධික වර්ෂාපතනයට සහ ලවණ මිශ්‍ර වාතයට නිතරනිරාවරණය වන බැවින්, මෙම පරිසර තත්වයන්ට හොඳින් ඔරොත්තු දෙන පරිදි එය ආරක්ෂා කිරීම අතිශයින් වැදගත්ය. එබැවින් ප්‍රතිසංස්කරණ කණ්ඩායම මුලින්ම ප්‍රදීපාගාරය මතුපිට රැඳී තිබුණු දිලීර සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කළ අතර, ඉන් අනතුරුව එය ජලයෙන් සහ කාලගුණික බලපෑම්වලින් ආරක්ෂා කරන ආලේපන භාවිත කරමින් වර්ණ ගැන්වීම සිදුකරන ලදි.
AkzoNobel Sri Lanka සමාගමේ Dulux වෙතින් ගාල්ල ප්‍රදීපාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සහාය