IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


AYERS අධ්‍යාපන ආයතනය 18 වැනි සංවත්සරය සමරයි

AYERS අධ්‍යාපන ආයතනය 2007 වසරේ ආරම්භයෙන් පසු සාර්ථක අධ්‍යාපන ගමනක් සනිටුහන් කරමින් සිය 18 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි.
වසර 18ක් පුරා AYERS ආයතනය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් දිනා ඇත. AYERS ආයතනය සිසුන්ට සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සියලු‍ විෂය උගන්වන අතර කොළඹ ප්‍රමුඛ පාසල් ආශ්‍රිත ප්‍රවීණ සහ දක්ෂ ගුරු මඩුල්ලක් අධ්‍යාපන කටයුතු මෙහෙයවති. සෑම වසරකම උසස් විභාග ප්‍රතිඵල වාර්තා කිරීම, දුර්වල සිසුන් උසස් මට්ටමකට ගෙන ඒමේ හැකියාව, දරුවන්ගේ මානසික හා සමාජ වර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම ආයතනයේ සුවිශේෂතා වේ.
AYERS ආයතනය සිසුන්ගේ පෞරුෂය ගොඩ නැගීමේ, සංස්කෘතික හා සමාජ වගකීම් වර්ධනය කිරීමේ අරමුණෙන් අධ්‍යාපන හා විනෝද චාරිකා, අලු‍ත් අවුරුදු උත්සව, නත්තල් උත්සව, වෙසක් උත්සව සංවිධානය කරයි.
ළමයින්ගේ සහ මවුපියන්ගේ සහභාගීත්වයෙන් අපේක්ෂා රෝහලට බෙහෙත් පරිත්‍යාග කිරීම, අඩු පහසුකම් ඇති පාසල්වලට පහසුකම් සැපයීම (හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් සඳහා උළු සවි කිරීම සහ වැසිකිළි ඉදි කිරීම.) AYERS ආයතනයේ සමාජ සත්කාර වැඩසටහන් අතර වේ.



අදහස් (0)

AYERS අධ්‍යාපන ආයතනය 18 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site