IMG-LOGO

2026 අගෝස්තු මස 09 වන ඉරිදා


AIMA අලෙවි නියෝජිත ශාඛාවක් ගෝනගලපුරදී විවෘත කෙරේ


 


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


වසර 44ක් පුරා  මෙරට පාරිභෝගිකයන්ගේ විශ්වාස දිනූ  Telesonic Mobility පුද්ගලික සමාගම මගින් මෙරටට ගෙන්වන  විද්‍යුත්  ස්කූටර් සන්නාමයක් වන AIMA අලෙවි නියෝජිත MIHIN E RIDES  (Authorized Dealers) ශාඛාව ඉඳුරුව ගෝනගලපුර නගරයේදි විවෘත කෙරිණ.

ඉඳුරුව ගෝනගලපුර පොදුවෙළෙඳ සංකීර්ණයේ ආරම්භ වුණු මේ  AIMA විද්‍යුත්  ස්කූටර් ශාඛාවෙන් ගෝනගල පුරවරයට නවමු අත්දැකීමක් සහ එම පුරවයට නව ආලෝකයක් එක් කළේය.

මේ අවස්ථාවට ටෙලිසොනික් මොබිලිටි පුද්ගලික ආයතනයේ විකුණුම් අංශ ප්‍රධානී සුජිත් සංජීව, බස්නාහිර පළාත්  අලෙවි කළමනාකරු රෝහණ, දකුණු පළාත්  ප්‍රාදේශීය අලෙවි කළමනාකරු මධුසංඛ, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමකුමාර විජේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

AIMA අලෙවි නියෝජිත ශාඛාවක් ගෝනගලපුරදී විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site