IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


AFC සමාජ බැඳුම්කරය ඉන්දියාවේ NSEIX හි ලැයිස්තුගත කරයි

මෙරට බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කළ සමාජ බැඳුම්කරය ඉන්දියාවේ GIFT City හි NSE International Exchange (NSEIX) ලැයිස්තුගත කළ බව පවසයි. 
ඒ අනුව මෙය එම කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත කෙරුණු පළමු සමාජ බැඳුම්කරය ලෙසින්ද සැලකෙයි. මෙම අවස්ථාව කලාපය පුරා තිරසාර සහ සියල්ල එක් වූ මූල්‍යමය තත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තැබූ වැදගත් පියවරක් ලෙස සටහන් වන බවත් NSEIX පවසයි. 

ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය සමාගම ලෙස එලායන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිදුකළ මෙම සමාජ බැඳුම්කර නිකුතුව, එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාව තුළ සිදුකළ පළමු සමාජ බැඳුම්කර නිකුතුවද විය. මේ හරහා රැස් කෙරුණු මුදල රුපියල් බිලියන 2කි. ක්ෂුදු, කුඩා සහ මධ්‍යම ව්‍යවසාය වෙත අරමුදල් සැපයීමේ අරමුණින් මෙය නිකුත් කෙරිණි. 

 



අදහස් (0)

AFC සමාජ බැඳුම්කරය ඉන්දියාවේ NSEIX හි ලැයිස්තුගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site