IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


95 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ නිල බැංකු සහකරු සම්පත් බැංකුව

කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලය අතර 95 වැනි වරටත් පැවැත්වෙන සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය සඳහා නිල බැංකු සහකරු වශයෙන් කටයුතු කිරීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනාගතයේ විශිෂ්ට ක්‍රීඩකයින් බිහි කිරීමේ කාර්යයේ දී සම්පත් බැංකුව දක්වන අඛණ්ඩ දායකත්වය මෙම සහයෝගීතාව ඔස්සේ මනාව පිළිබිඹු වේ.  
සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ (වමේ සිට පස්වැන්නා) අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය සහ සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, මහේල ජයවර්ධන මහතා අතර නිල චෙක්පත හුවමාරු කර ගත් අයුරු. 
මෙම අවස්ථාවට සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී පිරිසක් ද සහභාගී වී සිටියහ.



අදහස් (0)

95 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ නිල බැංකු සහකරු සම්පත් බැංකුව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site