IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


5G සංඛ්‍යාත වෙන්දේසියේ ලංසුකරුවන් ලියාපදිංචිය අද

ඉල්ලුම්කරුවන් 02ක් සමගින් සංඛ්‍යාත වෙන්දේසිය දෙසැම්බර් 18 වැනිදා.

වෙන්දේසිය හරහා රැස් කරගැනීමට අපේක්ෂා කරන මුදල රුපියල් බි. 9ක්.


භානුක අමරසිංහ


මෙරට තුළ 5G සංඛ්‍යාත වර්ණාවලි මිලදී ගැනිම සඳහා පවත්වන වෙන්දේසියට අදාළව මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කර ඇති ලංසුකරුවන් ලියාපදිංචි කිරිම අද (08) දිනයේදී සිදු කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. 

ඒ අනුව මෙම 5G සංඛ්‍යාත වර්ණාවලි මිලදී ගැනීම සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කර තිබෙන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සහ මොබිටෙල් සමාගම මෙලෙස ඒ සඳහා ලියාපදිංචි කරනු ඇතැයි සඳහන් වෙයි. මෙහිදී 3500Mhz සංඛ්‍යාත පරාසය සඳහා ඩයලොග් ආසිආටා සහ මොබිටෙල් යන සමාගම් ඉල්ලුම් කර ඇති අතර, 27GHz සංඛ්‍යාත පරාසය සඳහා ඩයලොග් ආසිආටා සමාගම පමණක් ඉල්ලුම් කර තිබේ.

මේ අතර බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට අනුව ලබන දෙසැම්බර් 16 වැනිදා වන විට ලියාපදිංචි මෙම ලංසුකරුවන් දෙදෙනා පිළිගැනීම සඳහා වන සහතිකය නිකුත් කරන අතර, ආදර්ශ වෙන්දේසිය දෙසැම්බර් 17 වැනිදා පැවැත්වෙයි. එසේම මෙම වෙන්දේසිය සඳහා ලංසු කැඳවීම දෙසැම්බර් 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. 

මෙහිදී අදාළ සමාගම් මිලදී ගන්නා සංඛ්‍යාත වර්ණාවලි වෙනුවෙන් වන ගෙවීම් වෙනුවෙන් දෙසැම්බර් 19 වැනිදා සිට 29 වැනිදා දක්වා කාලය ලබා දී තිබේ. මෙම 5G සංඛ්‍යාත වෙන්දේසිය හරහා මහාභාණ්ඩාගාරය වෙත රැස් කර ගැනීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 9 කට ආසන්න වෙයි.



අදහස් (0)

5G සංඛ්‍යාත වෙන්දේසියේ ලංසුකරුවන් ලියාපදිංචිය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site