IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


360 Skin Clini සහ 360 Aesthetics ISO 9001:2015 ජාත්‍යන්තර තත්ව සහතිකය හිමිකර ගනී

360 Skin Clinic සහ 360 Aesthetics ආයතන පසුගිය දා  ISO 9001:2015 / SLS ISO 9001:2015තත්ව සහතිකයෙන් පිදුම් ලැබීය. ලංකාවේ රූපලාවන්‍ය, සර්වකළ්‍යාණ (wellness) සහ සම වෙනුවෙන් සිදුකරන සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස ඔවුන් සතු ස්ථානය, සායනික විශිෂ්ටත්වය සහ නවෝත්පාදන සේවා සැපයීම යන අංශ ඔස්සේ හිමි කර ගත් මෙම සුවිශේෂී ජයග්‍රහණයෙන් තවදුරටත් තහවුරු වේ.
360 Wellness Centre (Pvt) Ltd ජාත්‍යන්තරව පිළිගත් ISO 9001:2015 ප්‍රමිතීන්ට අනුකූලව තම තත්ව කළමනාකරණ පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පිරිනමන ලද මෙම අනුකූලතා සහතිකයෙන් සනාථ කර තිබේ. මෙය ආයතනයක ගුණාත්මකභාවය සහ අඛණ්ඩ දියුණුව වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම අන්තර්ජාතික ඇගයීමකි.
Dr. Cherry  ලෙස ජනාදරයට පත් ප්‍රකට රූපලාවන්‍ය සහ සෞන්දර්ය වෛද්‍යවරියක වන වෛද්‍ය සාරා ෆාසි විසින් ආරම්භ කරන ලද ‘360’ සන්නාමය, වෛද්‍ය විශේෂඥතාව සමග අභිරුචිකරණය කළ සත්කාර, නවීන තාක්‍ෂණය සහ පාරිභෝගික යහපැවැත්ම වෙනුවෙන් දක්වන ලද කැපවීම වෙනුවෙන් ඉහළ විශ්වාසයක් සහ පිළිගැනීමක් දිනා ගෙන සිටී. වසර ගණනාවක් පුරා සදාචාරාත්මක වෛද්‍ය පිළිවෙත්, නව්‍යකරණය සහ විශ්වසනීය ප්‍රතිඵල කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් මෙම සායනය සිය සේවා පුළුල් කර තිබේ.

 



අදහස් (0)

360 Skin Clini සහ 360 Aesthetics ISO 9001:2015 ජාත්‍යන්තර තත්ව සහතිකය හිමිකර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site