IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


33 වැනි ‘කලා පොළ’ පෙබරවාරි 08 ග්‍රීන් පාත් හීදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියම එළිමහන් චිත්‍ර කලා ප්‍රදර්ශනයක් වනිකලා පොළ’ පෙබරවාරි 08 වැනි ඉරිදා, කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවත (ග්‍රීන් පාත්) හීදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මෙවර එය පැවැත්වෙන්නේ 33 වැනි වරටයි.

 ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයකට අනුව ආරම්භ වූ කලා පොළ ප්‍රදර්ශනය 1994 වසරේ සිටම ජෝන් කීල්ස් සමූහයේ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වෙයි. කලා පොළ යනු විවිධාකාර වූ සම්භාව්‍ය හා නූතන කලා සම්ප්‍රදායන්ට අයත් චිත්‍ර, මූර්ති සහ අනෙකුත් කලා නිර්මාණ එකම අවකාශයක් තුළ දැකගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) ද කලා පොළ සඳහා නිල බැංකු සහකරු ලෙස සහය දක්වයි.



අදහස් (0)

33 වැනි ‘කලා පොළ’ පෙබරවාරි 08 ග්‍රීන් පාත් හීදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site