යාපනය මුට්‍රවේලි පිටියේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා වූ සිය නොසැලෙන කැපවීම හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් විසින් යළිත් වරක් තහවුරු කරන ලදී. මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමෙන් උතුරු පළාතේ ගොවි ජනතාවට, නවීන කෘෂි තාක්ෂණය සහ අගය එකතු කළ කෘෂි නිෂ්පාදන සමීප කරවීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කෙරිණි. එමෙන්ම, කෘෂි තාක්ෂණික හා ප්‍රායෝගික නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිය සන්නාමය තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම අවස්ථාව මනා පිටිවහලක් විය.
ගොවි ජනතාව, කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්, අලෙවි නියෝජිතයන්, බෙදාහරින්නන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, මාධ්‍ය නියෝජිතයන් මෙන්ම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි සාමාන්‍ය ජනතාවගේ ද සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට හේලීස් ඇග්‍රිකල්ච ප්‍රදර්ශන කුටිය සමත් විය. මෙය සාම්ප්‍රදායික ප්‍රදර්ශන කුටියකට එහා ගිය, අමුත්තන්ට සෘජුවම අත්දැකීම් ලබාගත හැකි පරිශ්‍රයක් ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. තාක්ෂණය පදනම් කරගත් විසඳුම් මඟින් මෙරට කෘෂිකාර්මික භාවිතයන් නවීකරණය වන ආකාරයත්, එමගින් අනාගත ගොවි පරපුර සඳහා නවීන කෘෂිකර්මාන්තය වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ආකර්ෂණීය ක්ෂේත්‍රයක් බවට පත් කරන ආකාරයත් මෙහිදී මනාව විදහා දැක්විණි.
නවීන තාක්ෂණයෙන් සන්නද්ධ, ඩිජිටල්කරණය වූ සහ යාන්ත්‍රික කෘෂිකාර්මික විසඳුම් මගින් වගාබිම්වල ඵලදායිතාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් පැමිණ සිටි අමුත්තන් වෙත මෙම ප්‍රායෝගික අත්දැකීම හරහා ලබා දෙන ලදී. ලොව සුප්‍රසිද්ධ ජපන් සන්නාමයක් වන කුබෝටා (Kubota) වැනි ගෝලීය හවුල්කරුවන් සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, නවීන තාක්ෂණය මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ඒකාබද්ධ කිරීමට මෙන්ම ලොව දියුණුතම නවෝත්පාදන දේශීය වෙළෙඳපොළට හඳුන්වා දීමට හේලීස් ඇග්‍රිකල්ච සමාගම දක්වන සුවිශේෂී දායකත්වය මෙහිදී යළිත් අවධාරණය කෙරිණි.
ප්‍රදර්ශන කුටියට සජීවී බවක් සහ ආකර්ෂණීය අත්දැකීමක් එක් කරමින්, HJS Condiments ආයතනය විසින් පවත්වන ලද සජීවීව ආහාර සකසන කුටිය හරහා කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමේ නව්‍ය ක්‍රමවේද ප්‍රදර්ශනය කෙරිණි. එහිදී දේශීය කෘෂි අමුද්‍රව්‍ය භාවිතයෙන් සකස් කළ “ගොවි අරුණ” මුරුංගා සහ නිල් කටරොලු ඉඳිආප්ප, ගොවි අරුණ වර්ජින් පොල්තෙල් යොදා සකස් කළ තෝස සහ රොටී මෙන්ම “Island Magic” පීනට් බටර් වැනි නිෂ්පාදන ඇසුරින් නිපදවූ විවිධ ආහාර වර්ග රස විඳීමට අමුත්තන්ට අවස්ථාව ලැබුණි. ප්‍රාථමික කෘෂිකර්මාන්තය, පෝෂණය සහ රසය සමග මුසු කරමින් කෘෂි නිෂ්පාදන සඳහා ඉහළ වටිනාකමක් එක් කළ හැකි ආකාරය මෙම සජීවී වැඩසටහනෙන් මනාව පැහැදිලි කෙරිණි.
2026 යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී හේලීස් ඇග්‍රිකල්ච වෙතින් නවීන කෘෂි තාක්ෂණික විසඳුම් රැසක්