IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


2026දී ඩො.බි.1.5ත් 2ත් අතර විදෙස් ආයෝජන ඉලක්කයක්


විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාව මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ත් 2ත් අතර විදෙස් ආයෝජන ප්‍රමාණයක් ලබා ගැනීමට ඉලක්ක කර ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

පසුගිය වසරේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි විදෙස් ආයෝජන ප්‍රමාණයක් ලැබී තිබූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සියයට 3.5 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගනු ඇතැයි පුරෝකථනය කර තිබුණත් වසර අවසාන වනවිට සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන තිබුණු බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම වසරේදී රජය, රාජ්‍ය ආයෝජන සඳහා රුපියල් ට්‍රිලියන 4.4 ක පමණ මුදලක් වෙන්කර තිබෙන බවත් එහිදී ජාතික වශයෙන් වැදගත් යටිතල පහසුකම් නැවත ඉදිකිරිම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවැසුවේය.

ආපදා සහන පැකේජය යටතේද යටිතල පහසුකම් ගොඩ නැගීමට විශේෂ තැනක් හිමිව තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ සඳහා වෙන්කර ඇති රුපියල් බිලියන 500 ක මුදලින් රුපියල් බිලියන 250 ක් යටිතල පහසුකම් ආශ්‍රිත ව්‍යාපෘති සඳහා වෙන්කර තිබෙන බවත් එහි අරමුණ ආර්ථික වර්ධනය වේගවත් කිරීම බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (0)

2026දී ඩො.බි.1.5ත් 2ත් අතර විදෙස් ආයෝජන ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site