IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


2025 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවට ලියාපදිංචිය ඇරැඹේ


විමුක්ති එස් රුද්‍රිගු සහ භානුක අමරසිංහ


එළැඹෙන දෙසැම්බර් 2 සහ 3 යන දෙදින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රමුඛතම ශ්‍රී ලංකා ආර්ථික සමුළුව වන ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව වඩාත් පුළුල් නව ආකෘතියක් යටතේ මෙවර පැවැත්වෙන බවද ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. එහිදී වත්මන් ජාතික ප්‍රමුඛතා පිළිබිඹු වන ශක්තිමත් ආයෝජන පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.

”‍වර්ධනයට දොරටුව: ආසියාවේ නැගී ඒමට අවස්ථාව”‍ යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙනු ඇතැයිද ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය. කලාපීය සැපයුම් දාම වෙනස් වෙමින් පවතින සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නැවතත් න්‍යාය පත්‍රයට ඇතුළත් වී ඇති මොහොතක, ශ්‍රී ලංකාව ආකර්ශනීය ආයෝජන ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේ අරමුණ බවද ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.



අදහස් (0)

2025 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවට ලියාපදිංචිය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site