නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී. 2025 ජුනි මස 30 වැනි දිනෙන් අවසන් වූ අවසන් මාස හය සඳහා බැංකුවේ මූල්‍ය ප‍්‍රතිඵල සාකච්ඡා කිරීම සඳහා පසුගිය දා විශ්ලේෂකයන්ගේ හමුවක් පැවැත්වීය. මෙම හමුව 2025 අගෝස්තු 14 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත බැංකුවේ මූල්‍ය ප‍්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව සිදු වූ අතර එම වාර්තාවට අනුව NDB බැංකුව රුපියල් බිලියන 4.2 ඉක්මවන ආයතනයේ ඉහළම පසු බදු ලාබයක් (PAT) වාර්තා කළේය.
NDB බැංකුවේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම හමුව කොළඹ 02 පිහිටි බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ සිට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පවත්වන ලදී. ප‍්‍රධාන සාර්ව ආර්ථික ප‍්‍රවණතා සහ ආදායම, ලාභදායීතාව, ශේෂපත‍්‍ර වර්ධනය, ණය ගෙවීමේ හැකියාව සහ ආයෝජක ප‍්‍රතිලාභ වැනි කැපී පෙනන අංශවලින් බැංකුවේ කාර්ය සාධනය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ප‍්‍රධාන විධායක නිලධාරීවරයා විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී.
වත්කම් වර්ධනය, ජංගම හා ඉතුරුම් ගිණුම් වර්ධනය කිරීම, පිරිවැය ප‍්‍රශස්තිකරණය සහ ආයෝජන කළඹහි ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම වැනි මූලික තේමා කෙරෙහි සාකච්ඡාවේදී තවදුරටත් අවධානය යොමු කළේය. ඩිජිටල් පරිවර්තනය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බලගැන්වීම, තිරසාර බැංකු භාවිතයන් සහ අපනයන අංශයේ වර්ධනය ඇතුළු ප‍්‍රධාන ජාතික ප‍්‍රමුඛතා සඳහා සහාය දැක්වීම සඳහා NDB බැංකුව අඛණ්ඩව ආයෝජනය කිරීම පිළිබඳව ද ප‍්‍රධාන විධායක නිලධාරීවරයා විස්තර කළේය.
මූල්‍ය ප‍්‍රතිඵල සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අවස්ථාවට සම්බන්ධ වූ විශ්ලේශකයන්ට තම ප‍්‍රශ්න ප‍්‍රධාන විධායක නිලධාරියා හෝ පැමිණ සිටි බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ වෙනත් සාමාජිකයකු වෙත යොමු කිරීමට අවස්ථාව හිමි විණි. ප‍්‍රශ්නෝත්තර සැසිය සහභාගිවන්නන්ට බැංකුවේ අනාගත වර්ධන ගමන් පථය, පොලී අනුපාත පරිසරය සහ ආංශික ණය දීමේ උපාය මාර්ග ඇතුළු වෙනත් බොහෝ කරුණු පිළිබඳව වටිනා අවබෝධයක් ලබා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා දේශීය හා විදේශීය ආයෝජන සමාගම්වල නියෝජිතයන්, පර්යේෂණ විශ්ලේෂකයන්, කොටස් තැරැව්කරුවන් සහ අරමුදල් කළමනාකරුවන් විශාල පිරිසක් සම්බන්ධ වූහ. ආයෝජන ප‍්‍රජාව සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීමට බැංකුවේ ඇති කැපවීම පිළිබිඹු කරමින් NDB බැංකුවේ ආයෝජක සබඳතා ඒකකය විසින් එම අවස්ථාව සංවිධානය කරන ලදී.
2014 සිට NDB බැංකුව අඛණ්ඩව කාර්තුමය සහ වාර්ෂික ආයෝජක සැසි පවත්වා ඇති අතර, එමගින් විනිවිදභාවය සහ වගවීම කෙරෙහි ඔවුන්ගේ ඇති දැඩි අවධානය පෙන්නුම් කරයි.
බාහිර පරිසරයේ අභියෝග මධ්‍යයේ වුවද, NDB බැංකුව සියලූම කොටස්කරුවන්ට තිරසාර වටිනාකමක් ලබා දෙමින් ඔරොත්තු දීමේ හැකියාව සහ කඩිසර බව පෙන්නුම් කරයි.
2025 වසරේ පළමු භාගයේ මූල්‍ය ප‍්‍රතිඵල ප‍්‍රකාශ කිරීමට NDB බැංකුවෙන් විශ්ලේෂකයන්ගේ හමුවක්