පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 66.2ක අගයක් වාර්තා කර තිබේ. ඒ අනුව මෙය ඔක්තෝබර් මාසයේදී වාර්තා කළ ඒකක 64.3ක් හා සැසඳීමේදී කැපී පෙනෙන වර්ධනයක් බව මහ බැංකුව පවසයි.
විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ අවසන් භාගයේදී කාලගුණය ආශ්‍රිත බාධා පැවතියද, බොහෝ සමාගම් මාසය තුළ ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කළ බව මාර්තු මාසය සඳහා වන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉදිරිපත් කරමින් මහ බැංකුව සඳහන් කරයි.
මෙහිදී නව ඇණවුම් ලබා ගැනීමේ උප දර්ශකය ඔක්තෝබර් මාසයේ පැවැති ඒකක 67.1 සිට නොවැම්බර් මාසයේදී ඒකක 64.7ක් දක්වා අඩු වේගයකින් ඉහළ යෑමක් සිදුව තිබේ. එසේම සේවා නියුක්තිය ඒකක 52.9ක සිට 57.4 ක් දක්වා වැඩි වේගයකින් ඉහළ යාමක් සටහන්ව තිබේ. මීට අමතරව තොග මිලදී ගැනුම් ඒකක 58.6 ක සිට 58.8ක් දක්වා වැඩි වේගයකින් ඉහළ යැමක් සිදුව තිබේ. මෙම කරුණු සියල්ලමත් සමගින්ම ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඒකක 52.9ක සිට 53.0 ක් දක්වා වැඩි වේගයකින් ඉහළ යෑමක් සිදුව තිබේ.
“දෙසැම්බර් මාසයේදී නිවාඩු දින සහ සුළි කුණාටු ආශ්‍රිත බාධා හේතුවෙන් මන්දගාමී වීමක් අපේක්ෂා කළද, ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් අංශයේ අපේක්ෂා ධනාත්මකව පවතී.“ මහ බැංකුව පවසයි.
2025 නොවැම්බරයේදී ඉදිකිරීම් අංශයේ වර්ධනය තවත් ඉහළට