IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


2025 CMA සම්මාන උළෙලේදී ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ජනශක්ති ෆිනෑන්ස් ඇගයේ

 

ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් හිදී පැවති 11 වැනි CMA වාර්ෂික ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන දෙකක් සමඟින් ගෞරවයට පාත්‍ර විය. මින් පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී ලෙස හැඳින්වුණු ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය JXG හි (ජනශක්ති සමූහයේ) අනුබද්ධිත ආයතනයකි. 
මෙම සම්මාන උළෙලේදී ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, මූල්‍ය සහ කල්බදු අංශයේ හොඳම ඒකාබද්ධ වාර්තාව සඳහා ප්‍රථම අනුශූරතාව (සාමූහික) දිනා ගත් අතර ඒකාබද්ධ වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය සඳහා වන කුසලතා සම්මානය ද දිනා ගැනීමට සමත් විය. ජනශක්ති ෆිනෑන්ස් හි වාර්තාකරණයේ ඇති විනිවිදභාවය සහ සවිමත් නායකත්වයත්, බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) අංශය තුළ ප්‍රමිති තත්වය වඩාත් ඉහළ නැංවීම සඳහා ආයතනය දරණ අඛණ්ඩ උත්සාහයත් මෙම ජයග්‍රහණ ඔස්සේ ඉස්මතු වේ.


ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් සංවිධානය කරන ලද, කොළඹ කොටස් හුවමාරුව විසින් වාර්ෂිකව සහාය දක්වන CMA සම්මාන උළෙල මගින්, මූල්‍ය සහ මූල්‍ය නොවන කාර්ය සාධනය ඉදිරිපත් කිරීමේදී සුපැහැදිලිත්වයක්, නිරවද්‍යතාවක් සහ මනා වගවීමක් පෙන්නුම් කරන ආයතන ඇගයීමට ලක් කරයි. තිරසාර කාර්ය සාධනය, මනා පාලන පිළිවෙත් සහ දිගුකාලීන උපායමාර්ගික පියවර සමඟ එහි මූල්‍ය ප්‍රතිඵල ඒකාබද්ධ කිරීමට ගන්නා ලද පුළුල් ප්‍රවේශය හේතුවෙන් ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය මෙහිදී කැපී පෙනුණි.
ආයතනයට ලැබුණු මෙම ගෞරවය සහ ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී සිතම්බරම් ශ්‍රී ගණේන්ද්‍රන් මහතා මෙසේ පැවසීය. “CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී නැවත වාරයක් ඇගයුමට පාත්‍ර වීමට ලැබීම ආයතනයක් ලෙසට අපට මහත් ගෞරවයකි. මෙම සම්මාන ඔස්සේ, විනිවිදභාවයක් සහ වගකීම් සහගත නායකත්වයක් පවත්වා ගැනීමටත්, එසේම අපගේ සියලු‍ම කොටස්කරුවන්ට අර්ථාන්විත අගයක් ලබා දීමටත් අප දක්වන කැපවීම පිළිබිඹු වනු ඇත. මෙම ජයග්‍රහණ ලබා ගැනීමට ආයතනයට ඉඩ හසර ලබා දෙමින්, සිය ප්‍රවීණත්වය ලබා දීමෙන්, වෙහෙස මහන්සියෙන් සහ මනා කැපවීමෙන් සේවය කරන්නා වූ අපගේ කාර්ය මණ්ඩලයට මම අවංකවම ස්තූතිවන්ත වෙමි.”
ජාත්‍යන්තර ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සිලය (IIRC) විසින් ප්‍රවර්ධනය කරන ලද ගෝලීය ප්‍රමිති රාමු වලට අනුකූලව ජනශක්ති ෆිනෑන්ස් ආයතනය විසින් අඛණ්ඩව සිය වාර්තාකරණ පිළිවෙත් පවත්වා ගනී. එසේම, ආයතනයේ අනාවරණයන්, අදාළ වන ලෙසින්, ප්‍රවේශ විය හැකි ලෙසින් සහ සිය කොටස්කරුවන් අවධානයට ගනිමින් සිදු කෙරෙන බවද ආයතනය සහතික කරයි. මෑතකදී 2024 TAGS සම්මාන උළෙලේදී ද ජනශක්ති ෆිනෑන්ස් ආයතනය විසින් ඒකාබද්ධ වාර්තාකරණයේ සහ පාලන අනාවරණය කිරීම් වල විශිෂ්ටත්වය සඳහා ලෝකඩ සම්මානයක් සහ ඇගයීම් සහතික කිහිපයක් ලබා ගත් අතර, CMA සම්මාන උළෙලේදී වඩාත් ගෞරවයට පාත්‍ර විය.

 



අදහස් (0)

2025 CMA සම්මාන උළෙලේදී ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ජනශක්ති ෆිනෑන්ස් ඇගයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site