නිමල කොඩිතුවක්කු
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
ඒ අනුව, 2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි මෙම සංගණනය සිදු කෙරේ. 2013/14 වර්ෂවලදී ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට ආර්ථික සංගණනය පවත්වා තිබේ. එම සංගණනයේදී රැස් කරන ලද දත්ත යාවත්කාලීන කිරීම සඳහා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථීක ක්‍රියාකාරකම් වෙන වෙනම අදියර දෙකකින් ආවරණය වන පරිදි මෙම සංගනනය සිදු කෙරේ.
ආර්ථික සංගණනය 2025 සහ 2026 යන වර්ෂ වලදී පැවැත්වීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 -26 වර්ෂවලදී ආර්ථික සංගණනයක්