IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


2025 දෙසැම්බරයේදීත් කොළඹ උද්ධමනය සියයට 2.1ක මට්ටමේම

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය සියයට 2.1ක් ලෙස නොවැම්බර් මාසයට සාපේක්ෂව නොවෙනස්ව පැවති බව මහ බැංකුව පවසයි. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මිල ගණන් සැලකිය යුතු ලෙස මාසිකව ඉහළ ගියද හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම මෙයට ප්‍රධාන වශයෙන් සහාය වූ බව මහ බැංකුව සඳහන් කරයි.
මෙහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2025 නොවැම්බර් මාසයේදී වාර්තා වූ සියයට 3.0ක අගය 2025 දෙසැම්බර් මාසයේදීද නොවෙනස්ව පැවතුණි. කෙසේ වෙතත් ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය නොවැම්බරයේදී පැවැති සියයට 1.7ට සාපේක්ෂව දෙසැම්බරයේදී සියයට 1.8ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේදී සියයට 1.26කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එහිදී අහිතකර කාලගුණික තත්වය නිසා සැපයුම් අංශයේ ඇති වූ බාධා පිළිබිඹු කරමින් ආහාර කාණ්ඩය මේ සඳහා ප්‍රතිශතාංක 1.25කින් දායකවී ඇති අතර, ආහාර නොවන කාණ්ඩය ප්‍රතිශතාංක 0.01 කින් සුළු වශයෙන් දායක වී තිබේ.

 



අදහස් (0)

2025 දෙසැම්බරයේදීත් කොළඹ උද්ධමනය සියයට 2.1ක මට්ටමේම

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site