IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


2024/25 ශ්‍රීලංකන් ලාබය අඩුවුණේ විනිමය ලාබය අඩුවීමෙන්

සමූහය ලැබූ විනිමය ලාබයේ අඩුවීම රු.බි. 7.92 ක අලාබයට හේතුව බව පවසයි


ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගියදා නිකුත් කළ සිය 2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරිමට එම සමාගම පසුගියදා කටයුතු කළේය. එම මූල්‍ය වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳව අවධානය යොමු කරමින් එම පැහැදිලි කිරිම සිදු කරන බව ගුවන් සමාගම පවසයි.

ඒ අනුව 2023/24 මූල්‍ය වර්ෂයේදී වාර්තා කළ රුපියල් මිලියන 7,925 ක ලාබයට සාපේක්ෂව 2024/25 මූල්‍ය වර්ෂයේදී සිය සමූහය රුපියල් මිලියන 2,735ක අලාබයක් වාර්තා කළ බව සමාගම පවසයි. එහෙත් මෙම වෙනස වාර්තා වී ඇත්තේ 2024/25  මූල්‍ය වර්ෂයේදී සිදු වූ විනිමය ලාබය රුපියල් මිලියන 3,925ක් දක්වා අඩුවීම බවත්, පෙර මූල්‍ය වර්ෂයේදී මෙම විනිමය ලාබය රුපියල් මිලියන 26,717ක් වූ බවත් සමාගම සඳහන් කරයි.

මෙහිදී එම විනිමය ලාබය සඳහා විදේශ මුදල් වටිනාකම්වලින් පවතින පොලී ගෙවිය යුතු ණය යළි ඇගයිමක් සිදු කිරිම හේතුවක් වූ බවත්, ඒ අනුව රුපියලේ වටිනාකම ඉහළ යෑම ලාබයේ ඉහළ යෑමක් ලෙස සටහන්වූ බවත් සමාගම පවසයි. එසේම මෙම විනිමය ලාබය ඉවත් කර බැලීමේදී සමූහය 2024/25 වසර සඳහා ලැබූ අලාබය රුපියල් මිලියන 6,660 ක් වන බවත්, එය 2023/24 මූල්‍ය වර්ෂයේදී මෙම විනිමය ලාබයට ගණන් බැලීමට පෙරාතුව පැවැති අගයන් අනුව රුපියල් මිලියන 18,792 ක අලාබයක් වන බවත් සමාගම වැඩිදුරටත් මෙම පැහැදිලි කිරිම තුළ සඳහන් කරයි.



අදහස් (0)

2024/25 ශ්‍රීලංකන් ලාබය අඩුවුණේ විනිමය ලාබය අඩුවීමෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site