
ෆැෂන් බග් සිය සන්නාමය සමග විශ්වාසයෙන් රැඳුණු පාරිභෝගිකයන් වෙත කෘතවේදීත්වය පළ කිරීම සඳහා දීප ව්‍යාප්ත ශාඛා 14 ක් කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබූ Rewards Getaway වැඩසටහන 50,000 කට අධික පාරිභෝගික පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා අතිසාර්ථකව අවසන් කර තිබේ.
ෆැෂන් බග් ආරම්භයේ සිටම පාරිභෝගිකයාට ප්‍රමුඛත්වය ලබාදෙන සේවා සංස්කෘතියක් ක්‍රියාත්මක කරනු ලබයි. Rewards Getaway වැඩසටහන සංවිධානය කෙරුණේ, සිය සන්නාමයේ සාර්ථකත්වය උදෙසා නිහඬ දායකත්වයක් ලබාදෙන පාරිභෝගික ජීවන විලාසිතා හැඩවැඩ කරමින්, ඔවුන්ගේ කාර්යබහුල දිවිපෙවත ප්‍රීතිමත් කිරීමටයි. ඒ වෙනුවෙන් සිනමන් ලයිෆ් City of Dreams අති සුඛෝපභෝගී හෝටලයේ රාත්‍රිය ගත කිරීමේ අවස්ථාව, ආහාරපාන හා නවාතැන් පහසුකම්වලින් අනූන අත්දැකීම් රැසක් සමග සුපිරි නෞකාවක රාත්‍රියක් ගත කිරීමේ අවස්ථාව සහ සුන්දර බොල්ගොඩ නදියේ වින්දනාත්මක Jet Ski සෆාරි චාරිකාවක් තිළිණ කරනු ලැබීය.
වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් ෆැෂන් බග් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂබීර් සුබියන් මහතා මෙසේ ප්‍රකාශ කළේය. ෆැෂන් බග් හි සාර්ථකත්වය හා ස්ථාවරත්වය ගොඩනැගුණේ, වසර ගණනාවක් අප සමග රැඳී සිටින පාරිභෝගිකයන් නිසයි. අප මෙම වැඩසටහන පවත්වනු ලැබූවේ, අප සමග විශ්වාසයෙන් රැඳී සිටින එම පිරිසට වෙනස්ම වින්දනාත්මක අත්දැකීමක් ලබා දීමටයි. එමෙන් ම Rewards Getaway වැඩසටහනේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඔවුන් සතුටින් පළකළ අදහස් අපට ඉමහත් ගෞරවයක්.
Rewards Getaway වැඩසටහනේ ප්‍රතිලාභ හිමිකරගත් පාරිභෝගිකයෝ තමා ලැබූ අමතක නොවන ආශ්වාදනීය අත්දැකීම් පිළිබඳව සිහිපත් කරමින් ෆැෂන් බග් වෙත සිය කෘතඥතාව පළ කළහ. Rewards Getaway ද පිරිනැමීම සඳහා ජයග්‍රාහකයන් තෝරා ගැනීම බස්නාහිර පළාත් සභා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ මනා විනිවිදභාවයෙන් යුතුව සිදු කෙරිණ.
ෆැෂන් බග් පාරිභෝගිකයන්ට හරසර දැක්වූ Rewards Getaway වැඩසටහන සාර්ථකව අවසන්