IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


ෆිච් රේටින්ග්ස් ලබාදුන් ලංකා බැංකුවේ CCC+ AA- ශ්‍රේණි එලෙසින්ම

  • රජයේ සහාය පිළිබඳ ශ්‍රේණි සහායක් නොලැබෙන ලෙස නම් කරයි 

රජයට අයත් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ දිගුකාලීන විදේශ සහ දේශීය මුදල් නිකුත් කිරීමේ ඇති හැකියාව සඳහා ලබා දුන් ශ්‍රේණිගත කිරීම CCC+ මට්ටමේත්, ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව AA- මට්ටමේත් පවත්වාගෙන යන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි. 

එසේම ඊට සමගාමීව ලංකා බැංකුව සතු අභ්‍යන්තර මූල්‍ය ශක්තිය මැන බලන Viability Rating (VR) ශ්‍රේණිගත කිරීම CCC+ ලෙසත්, කෙටිකාලීන විදේශීය සහ දේශීය මුදල් නිකුත් කිරීමේ හැකියාව ක්‍ ලෙසත් තවදුරටත් පවත්වාගෙන යන බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් බැංකුව සතු රජයේ සහාය පිළිබඳ ශ්‍රේණිගත කිරීම (GSR) සහායක් නොමැති ලෙස සටහන් කරන බව ෆිච් රේටින්ග්ස් පවසයි. ඒ අනුව යම් අර්බුදයක් අවස්ථාවකදී රජයේ මුදල් බැංකුව වෙත ලබාදීමක් සිදු නොකිරීම මින් හැඟවෙයි. එහිදී බැංකුව සතු මූල්‍ය ශක්තිය බැංකුවෙන් සකසා ගැනීම අදහස් කෙරේ.



අදහස් (0)

ෆිච් රේටින්ග්ස් ලබාදුන් ලංකා බැංකුවේ CCC+ AA- ශ්‍රේණි එලෙසින්ම

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site