IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


ෆිච් රේටින්ග්ස් ලංකා බැංකුවේ ණය ශ්‍රේණි ඉහළ නංවයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ලංකා බැංකුවේ දිගුකාලීන විදෙස් සහ දේශීය මුදල් ඒකක නිකුත් කිරීමේ ශ්‍රේණිය (IDRs) මෙතෙක් පැවැති CCC+ සිට ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව B- දක්වා ඉහළ නංවා ඇතැයි පවසයි. 

එසේම බැංකුවේ පැවැත්ම පිළිබඳ ශ්‍රේණිය (Viability Rating) ccc+ සිට b- දක්වා ඉහළ නැංවීමක්ද සිදු කර තිබේ. මීට අමතරව බැංකුවේ කෙටි කාලීන විදෙස් සහ දේශීය මුදල් ඒකක නිකුත් කිරීමේ ශ්‍රෙ‌්ණියද C සිට B දක්වාත් ඉහළ නංවා තිබේ. මේ අතර බැංකුව සතු රජයේ සහාය පිළිබඳ ශ්‍රේණිය (GSR) කිසිදු සහයෝගයක් නොමැති (ns) ලෙසද සටහන් කර තිබේ. 

මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා ලංකා බැංකුව වෙත දැනට ලබා දී ඇති ජාතික දිගු කාලීන AA/ස්ථාවර ශ්‍රේණිය පිළිබඳව සැලකිල්ලක් නොදැක් වූ බවත් ෆිච් රේටින්ග්ස් ආයතනය වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

ෆිච් රේටින්ග්ස් ලංකා බැංකුවේ ණය ශ්‍රේණි ඉහළ නංවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site