×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 නොවැම්බර් මස 30 වන සඳුදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
ෆිච් රේටින්ග්ස් රක්ෂණ සමාගම් හයක ශ්‍රේණිය ඉහළ නංවයි
කතෘ මණ්ඩලය 2026 නොවැම්බර් මස 23
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ සමාගමට ස්ථාවර ඉදිරිදැක්මක් සහිත AA ශ්‍රේණියක්
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය මෙරට රක්ෂණ සමාගම් අටක ජාතික රක්ෂණ මූල්‍ය ශක්ති ශ්‍රේණිගත කිරීම National Insurer Financial Strength (IFS) සම්බන්ධයෙන් වන තීරණ අලුත් කළ බව පවසයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම ආයතනය පසුගිය සැප්තැම්බර් මාසයේදී ගනු ලැබූ ස්වෛරී ශ්‍රේණිගත කිරීම් CCC+ සිට B- දක්වා යාවත්කාලීන කිරීමට අනුකූලව ශ්‍රේණිග කිරිම් සම්බන්ධයෙන් නැවත සිදු කෙරුණු ක්‍රමාංකණය යටතේ මෙම ශ්‍රේණිගත කිරිම් වෙනස් වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත රක්ෂණ සමාගම (SLIC Life) සඳහා මෙතෙක් පැවැති ස්ථාවර ඉදිරිදැක්මක් සහිත A+ ශ්‍රේණිගත කිරීම AA ලෙස ඉහළ නංවා තිබේ.
එසේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සාමාන්‍ය රක්ෂණ සමාගම (SLIC General) සඳහා ලබා දී තිබූ A+ ශ්‍රේණිය ස්ථාවර ඉදිරි දැක්මක් සහිත AA- ලෙස ඉහළ නංවා තිබේ.
මේ අතර HNB Life සමාගමෙහි A ශ්‍රේණිය ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව A+ ලෙසත්, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) ශ්‍රේණිය A සිට ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව A+ ලෙසත් ඉහළ නංවා තිබේ.
මීට අමතරව පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම වෙත ලබා දී තිබූ A ශ්‍රේණිය ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව A+ ලෙස ඉහළ නංවා ඇතැයිද ෆිච් රේටින්ග්ස් පවසයි. මේ අතර සමූපකාර රක්ෂණ සමාගම (CICPLC) වෙත ලබාදී තිබූ BB ශ්‍රේණිය ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව BB+ ලෙස ඉහළ නැංවීමටත් පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම නව ක්‍රමාංකණය යටතේ කන්ටිනන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම වෙත ලබාදී තිබූ ස්ථාවර ඉදිරි දැක්මක් සහිත A ශ්‍රේණිය එලෙසින්ම පවත්වාගෙන යාමට කටයුතු කරන බව ෆිච් රේටින්ග්ස් පවසයි.
එසේම ඉදිකිරීම් ඇප අරමුදල (CGF) වෙත ලබාදී තිබූ ස්ථාවර ඉදිරි දැක්මක් හහිත BB ශ්‍රේණියද එලෙසින්ම වන බවත් සඳහන් වෙයි.
අදහස් (0)
ෆිච් රේටින්ග්ස් රක්ෂණ සමාගම් හයක ශ්‍රේණිය ඉහළ නංවයි
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
ෆිච් රේටින්ග්ස් රක්ෂණ සමාගම් හයක ශ්‍රේණිය ඉහළ නංවයි