IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


හේලීස් ෆෙන්ටන්ස් සමාගමට ෆිච් වෙතින් A+(lka) ශ්‍රෙ‌්ණිගත කිරිමක්

භානුක අමරසිංහ


ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් විසින් හේලීස් සමූහයට අයත් හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් සමාගම වෙත ස්ථාවර පෙරදැක්මක් සහිතවA+ (lka) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබාදී ඇතැයි පවසයි. 
ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීම මගින් හේලීස් ෆෙන්ටන්ස් සමාගම මෙරට තුළ වහල මත සූර්ය පැනල අලෙවිය සහ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පවත්වාගෙන යන වැඩි වෙළෙඳපොළ පංගුව පිළිබිඹු වන බවත් ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරයි. 2025 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී පෙන්නුම් කළ මුදල් ගලාඒම් ඒ හරහා සිදුව තිබෙන බවත් ඔවුන් පවසයි. 

තෙවැනි කර්තුවද අවසන් වීමට ආසන්න බැවින් මෙරට ප්‍රමුඛ දර්ශක පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාව පළමු හා දෙවැනි කාර්තුවල අත්කරගත් ආර්ථික වර්ධනයට සමාන ආර්ථික වර්ධනයක් තෙවැනි කාර්තුවේදීද අත්කර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේය. සිවු වැනි කාර්තුව ආරම්භ වී නොමැති නිසා තවමත් සිවුවැනි කාර්තුව පිළිබඳව පුරෝකථන ලබාදිය නොහැකි බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
මෙම වසර අවසාන වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක ශුද්ධ විදෙස් සංචිත ප්‍රමාණයක් තිබිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී තිබෙන්නේ ඇස්තමේන්තුවක් බවද ඔහු පැවැසුවේය. ශුද්ධ විදෙස් සංචිත සහ දළ විදෙස් සංචිත යනු කරණා දෙකක් බවත් ශුද්ධ විදෙස් සංචිත ඉලක්කය මෙම වසරේදී සපුරා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
එහෙත් දළ විදෙස් සංචිත ඉහළ දමා ගැනීම සඳහා මෙම වසරේදී මෙරටට ලැබීමට තිබෙන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වීය ආයතනවලින් ලැබීමට තිබෙන ණය සියල්ල මෙරටට ලැබිය යුතු බවත් මැතිවරණ හේතුවෙන් එහි ප්‍රමාදයක් තිබෙන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේය.
මෙම වසරේ නොලැබුණහොත් එම ණය ලබන වසරේදී ලැබෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් බිලියන 1.2 ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුව ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළදී මිලදී ගෙන ඇතත් දළ විදෙස් සංචිත ඩොලර් මිලියන 100 කින් ඉහළ ගොස් ඇත්තේ පොලී ගෙවීම් හේතුවෙන් බවද ඔහු පැවැසුවේය.

 

 



අදහස් (0)

හේලීස් ෆෙන්ටන්ස් සමාගමට ෆිච් වෙතින් A+(lka) ශ්‍රෙ‌්ණිගත කිරිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site