IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


හේලීස් රු.බි.7ක ණයකර නිකුතුව මැයි 05 විවෘත කෙරේ


භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීමේ අදහසින් නිකුත් කරන ණයකර නිකුතුව ලබන මැයි 05 වැනිදා මිලදී ගැනීම සඳහා විවෘත කරන බව පවසයි. 

ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි පස් අවුරුදු (2025-2030) ණයකර නිකුතුවක් ලෙස මෙය නිකුත් කෙරේ. 

මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, එම නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 5කි.  

ඊට හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කරන බව සමාගම පවසයි. එම ණයකර කොටසක්ද රුපියල් 100කට මිල කෙරී තිබේ. 

ඒ අනුව මෙම අවස්ථා දෙක හරහා නිකුත් කරන ණයකර කොටස් සංඛ්‍යාව මිලියන 70ක් වන අතර, එම සමස්ත නිකුතුව හරහා රැස් කිරීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 7කි. මෙම ණයකර නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශය පසුගිය අප්‍රේල් 25 දා එළිදැවුණි. 



අදහස් (0)

හේලීස් රු.බි.7ක ණයකර නිකුතුව මැයි 05 විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site