IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05) දිනයේදී මෙම ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා විවෘත කෙරිණි. 

ඒ අනුව ඊයේ පස්වරු 4.30ට මෙම ණයකර නිකුතුව වසා දැමීමට පියවර ගත් බවත් සමාගම පවසයි. ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ට, පිරිමුදවාගතහැකි පස් අවුරුදු (2025/2030) නිකුතුවක් ලෙස මෙම ණයකර නිකුතුව සිදු කෙරිණි. එහිදී ණයකර කොටසක් රුපියල් 100 බැගින් මිල කෙරිණි. මූලික අදියරේදී ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කෙරුණු අතර, ඊට ලැබුණු අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කිරීමට සමාගම පියවර ගෙන තිබේ. 



අදහස් (0)

හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site