IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


හරිස්චන්ද්‍ර ඉතිරි කොටස් මිලදී ගැනීමේ අනිවාර්යය යෝජනාව මැයි 14 දක්වා දීර්ඝ කෙරේ

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමෙහි කොටස්හිමිකරුවන් සතු ඉතිරි කොටස් ප්‍රමාණයත් මිලදී ගැනීම සදහා ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගමට අයත් ඇම්බියොන් එසෙන්ෂියෙල්ස් (පෞද්) සමාගම ඉදිරිපත් කර ඇති අනිවාර්යය කොටස් මිලදී ගැනීමේ යෝජනාව කල් පිරෙන දිනය ලබන මැයි 14 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි එම සමාගම පවසයි. 
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුදැනුම යටතේ මෙම කල් දැමීම සිදු කර තිබෙන බව හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම සහ ඇම්බියොන් කැපිටල් පීඑල්සී යන සමාගම් ඊයේ (07) කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ. 
මෙහිදී එක් කොටසකට රුපියල් 3,400ක් බැගින් ගෙවීමට ඇම්බියොන් කැපිටල් සමාගම කැමැත්ත පළ කර තිබේ. හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් සංඛ්‍යාව 1,919,600 කි. 
අද වනවිට හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමෙහි කොටස් අතරින් කොටස් 981,118ක් එනම් සියයට 51.11 ක් මෙම ඇම්බියොන් එසෙන්ෂියල්ස් (පෞද්) සමාගම සතුය. තවත් කොටස් 938,482 ක් එනම් සියයට 48.89ක් මිලදී ගැනීම සඳහා මෙම අනිවාර්යය මිලදී ගැනීමේ යෝජනාව ඉදිරිපත් විය. මෙම කොටස් අතරින් 778,946ක් එනම් සියයට 40.58ක් මේ වනවිට හිමිව ඇත්තේ හේලීස් සමූහයටයි.



අදහස් (0)

හරිස්චන්ද්‍ර ඉතිරි කොටස් මිලදී ගැනීමේ අනිවාර්යය යෝජනාව මැයි 14 දක්වා දීර්ඝ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site