

මේ දිනවල පිටකොටුව වෙළෙඳ නගරයේ වෙළෙඳාමේ තතු සොයා බැලීමට පිටකොටුවට ගිය ගමනේ දී අප ගොඩවැදුණේ කුමාර වීදියේ තුෂාර ෆොටෝ ෆ්‍රේම් (Thushara Photo Frame) වෙළෙඳ ආයතනය වෙතටයි. එහි ව්‍යාපාරික ඔස්මන් දේවරාජ් මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
ඡායාරූප රාමු (ෆොටෝ ෆ්‍රේම්) තොග වෙළෙඳාම තමයි අපි කරන්නේ. ගිය වසරට වඩා මේ වසරේ බිස්නස් හොඳයි කියනවට වඩා හැම වසරකම අපිට බිස්නස් හොඳයි කියන්න පුළුවන්.
Q:බිස්නස් මේ හොඳවීමට බලපෑ හේතු මොනවාද?
වසර තුනක කාලයක සිට මේ ව්‍යාපාර පවත්වාගෙන එන්නේ. වෙළෙඳ සහයකයෝ පස්දෙනෙක් අප ආයතනයේ සේවය කරනවා. මේ වෙළෙඳසලට අමතරව ප්‍රධාන වෙළෙඳසලේ තවත් වෙළෙඳ සහයකයෝ වැඩකරනවා.
අපේ බිස්නස් හොඳයි කියන්න හේතුව තමයි අපේ වෙළෙඳසලෙන් පාරිභෝගිකයන්ගේ අතේ ඇති මුදලට සරිලන පරිදි විවිධ මාදිලියේ ඡායාරූප රාමු මිලදී ගන්න අවස්ථාවක් තියෙනවා.
ඒ වගේම වෙළෙඳසලකට පාරිභෝගිකයෙක් ආවම ඒ කෙනා එක්ක අපි ගනුදෙනු කරන විදිහ අනුව තමයි ඒ කෙනා භාණ්ඩයක් මිලදී ගන්න යොමු වන්නේ. සාමාන්‍යයෙන් භාණ්ඩයක් මිලට ගන්න කලින් පාරිභෝගිකයෝ වෙළෙඳසල් කිහිපයකට ගිහින් මිල ගණන් දැනගෙන අපි ළඟට එන්නේ. එහෙම එන පාරිභෝගිකයෙක් නැවත වරක් තවත් වෙළෙඳසලකට ගිහින් භාණ්ඩයක මිල අහන්න නොයන විදිහට අපි කටයුතු කරන්න ඕනේ. අන්න ඒ විදිහට පාරිභෝගිකයෝ එක්ක සුහඳව ගනුදෙනු කරන නිසා තමයි බිස්නස් හොඳ මට්ටමකට පවතින්නේ. ඒ වගේම අද වෙද්දි සෑම කෙනෙක්ම තමන්ගේම කියලා සුළු ව්‍යාපාරයක් ආරම්භ කරන්න උත්සහ කරනවා. එහි ප්‍රතිඵයක් විදිහට ෆොටෝ ෆ්‍රේම් උපයෝගි කරගනිමින් මාර්ගගත ව්‍යාපාර කරන නව පාරිභෝගික පිරිසක් ද අලුතින් අපි එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අයටත් දරන්න පුළුවන් මිල ගණන් යටතේ අපේ නිෂ්පාදන පැවතිමත් බිස්නස් හොඳ වෙන්න හේතුවෙලා තියෙනවා.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි
හැම වසරකම අපිට බිස්නස් හොදයි