IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


සී ඇන්ඩ් කේ. ග්ලෝබල් වීසා කන්සල්ටන් අම්බලන්ගොඩට

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


විදෙස් රටවල යන සිසුන් ඇතුළු අයට වීසා ලබාගැනීම සඳහා අත්වැල් සැපයීමේ මධ්‍යස්ථානයක් අම්බලන්ගොඩ මහජන බැංකුවේ කළමනාකාරිණී එම්.හේමනී ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
සී ඇන්ඩ් කේ ග්ලෝබල් වීසා කන්සල්ටන් නමින් මේ මධ්‍යස්ථානය නම් කොට ඇති අතර එය අම්බලන්ගොඩ මහ වීදිය අංක 286 ස්ථානයේදී විවෘත කෙරිණ.
ඕස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව, නවසීලන්තය, මලයසියාව, සිංගප්පූරුව යන යුරෝපීය රටවල් සදහා අධ්‍යයන කටයුතුවලට සහ සංචාර සදහා යන අයට වීසා ලබා ගැනීම සදහා අත්වැල් සැපයීමේ අරමුණින් මේ මධ්‍යස්ථානය ආරම්භ කොට ඇත.
මේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එම මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ටී.අංජන රසාංග මෙන්ඩිස්, අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික ප්‍රසන්න මෙන්ඩිස් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවූහ.



අදහස් (0)

සී ඇන්ඩ් කේ. ග්ලෝබල් වීසා කන්සල්ටන් අම්බලන්ගොඩට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site