IMG-LOGO

2026 ජුලි මස 11 වන සෙනසුරාදා


සොෆ්ට්ලොජික් ලයිෆ් මෙහෙයුම් බංග්ලාදේශයටත්

ඩොලර් මිලියන 1.9 කට බංග්ලාදේශ රක්ෂණ සමාගමක සියයට60ක කොටසක් මිලදී ගනී 


සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයට අයත් ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පීඑල්සී සිය ව්‍යාපාරික මෙහෙයුම් බංග්ලාදේශය වෙත ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
ඊයේ (18) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් සමාගම මෙම කරුණු අනාවරණය කර තිබේ.
ඒ අනුව බංග්ලාදේශයේ ක්‍රියාත්මක බලපත්‍රලාභී ජීවිත රක්ෂණ සමාගමක් වන ඩයමන්ඩ් ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි සමාගමෙහි සියයට 60 ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කර ගැනීම සඳහා වන එකඟතාවකට පිවිසීමට එම සමාගම කටයුතු යොදා තිබේ.
මෙම ගනුදෙනුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1.9 ක් පමණ වන බව සොෆ්ට්ලොජික් ලයිෆ් පීඑල්සී සමාගම පවසයි.
මෙම අත්පත් කර ගැනීම සිය සමාගමෙහි කලාපීය ව්‍යාප්තිය පිළිබඳ උපායමාර්ගයේ අවස්ථාවක් බවත්, මේ හරහා බංග්ලාදේශයේ ජීවිත රක්ෂණ වෙළෙඳපොළ වෙත පිවිසීමට අවස්ථාව හිමිවන බවත් සමාගම සඳහන් කරයි.



අදහස් (0)

සොෆ්ට්ලොජික් ලයිෆ් මෙහෙයුම් බංග්ලාදේශයටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site