IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


සුළු හා මධ්‍ය ව්‍යාපාර ගෝලීයව නැංවීමට ExpoScaleUp ඇරැඹේ

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (SMEs) ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ සහයෝගයෙන්, ශ්‍රී ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 යටතේ ExpoScaleUp වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළේය.

ExpoScaleUp වැඩසටහන යටතේ ඵලදායී අපනයන අලෙවිකරණ සැලසුම් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුම කාන්තාවන් ඇතුළු තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සිදුවන අතර තිරසර පිළිවෙත් සහ ස්මාර්ට් දේශගුණික උපාය මාර්ග අනුගමනය කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ධාරිතාව ශක්තිමත් කිරීමද අරමුණු කර ඇත.

වැඩසටහන අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර දැනුවත් කිරීම සහ පුහුණුව ධාරිතා ගොඩනැගීම සහ අපනයන අලෙවිකරණ සැලසුම් කිරීම වෙළෙඳ ප්‍රදර්ශන සහ B2B රැස්වීම් හරහා වෙළෙඳපොළ ප්‍රවේශ සහාය ලබාගැනීම ඒ යටතේ සිදුවනු ඇත.

සැකසූ ආහාර සහ බීම වර්ග, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන, ශාකසාර ආලේපන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර සේවා කළමනාකරණය (BPO) සේවා සහ හස්ත කර්මාන්ත සහ ජීවන රටා නිෂ්පාදන වැනි ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු කර ඇත.



අදහස් (0)

සුළු හා මධ්‍ය ව්‍යාපාර ගෝලීයව නැංවීමට ExpoScaleUp ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site