IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට රජය කැපවී සිටිනවා

මුදල් නියෝජ්‍ය අැමැති ආචාර්ය හර්ෂණ


විමුක්ති එස් රුද්‍රිගු


ආර්ථික අර්බුදය හේතුවෙන් ඇණහිට තිබූ ආර්ථික ක්‍රියාකාරකම් සියල්ල ආරම්භ කරමින් ශ්‍රී ලංකාව නතර වූ තැනින් නැවත ගමන් ආරම්භ කරමින් සිටින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
පසුගිය කාලයේදී පෞද්ගලික අංශයේ ණය ගැනීම් ඉතාමත් පහළ මට්ටමකට වැටී මූල්‍ය ආයතන ණය ලබාදීම පවා නතර කර තිබූ බවත් එසේම ව්‍යවසායකයන් තුළ මෙරට ආර්ථිකය ගැන තිබූ විශ්වාසයද නැතිව ගොස් තිබූ බවත් ඔහු පැවැසුවේය. එසේම මෙරට උද්ධමනයද ඉහළ මට්ටමක තිබූ බව ඔහු ප්‍රකාශ කළේය.
ඇපයට දේපළ උගසට නොතබා ණය ලබා ගැනීමට අවස්ථාව සලසමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට රජය කැපවී සිටින බවද ඔහු පැවැසුවේය.
ජාතික ණය සුරැකුම් ආයතනය රජය සහ පෞද්ගලික අංශයේ මූල්‍ය ආයතන 13 ක හවුල්කාරිත්වයෙන් පෙරේදා (02) මෙහෙයුම් ආරම්භ කළේය. ජාතික ණය සුරැකුම් ආයතනයට තාක්ෂණික සහ මූල්‍ය සහාය ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේ රජයේ ඉදිරියේ ඇති අභියෝගය නම් නැවත ශ්‍රී ලංකාව නැවති තැනින් ගමන් ආරම්භ කරන බව සහතික කරමින් ඒ සඳහා සහායත්, ව්‍යාපාරවලට මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් සැලසීමත් බවත්ය. නැවත උත්සාහ කිරීමට එවිට ව්‍යවසායකයන්ට විශ්වාසයක් ඇති වේවි යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 



අදහස් (0)

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට රජය කැපවී සිටිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site