IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


සුළි කුණාටුවෙන් හානි වූ සිවිල්, දුම්රිය, සේවා යටිතල පහසුකම් නැංවීමට උපදේශන සේවා ආයතන සොයයි


නිමල කොඩිතුවක්කු


‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි සිදු වූ සිවිල්, දුම්රිය සහ සේවා යටිතල පහසුකම් නැවත ප්‍රතිසංස්කරණය සඳහා උපදේශන සේවා ලබා ගැනීම පිණිස සුදුසු ආයතන තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය සමග එක්වි දිව්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් මාර්ග සහ දුම්රිය මාර්ග යටිතල පහසුකම්, මධ්‍ය කාලීන සහ දිගුකාලීන පදනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් ක්‍රියාවලියක නිරතව සිටී.

 ඒ සඳහා වන සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කිරීම, ඉදිකිරීම් අධීක්ෂණය වැනි කාර්යයන් සඳහා දැනට මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු වෘත්තීමය කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොමැති වීම හේතුවෙන් අදාළ ප්‍රතිසංස්කරණ කාර්යයන්හි ප්‍රමාදයන් සිදු වන බව නිරීක්ෂණය වී ඇත. ඊට පිළියමක් වශයෙන් විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසුකම් සහිත උපදේශන සේවා ආයතන වසර 02 ක කාලයක් සඳහා ලියාපදිංචි කර ගැනීමටත් තීරණය කර ඇත.



අදහස් (0)

සුළි කුණාටුවෙන් හානි වූ සිවිල්, දුම්රිය, සේවා යටිතල පහසුකම් නැංවීමට උපදේශන සේවා ආයතන සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site