IMG-LOGO

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා


සිංහ සමාජයේ වෛද්‍ය හා නීති ප්‍රජා කඳවුරට රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් අනුග්‍රහය

කොළඹ සිලෝන් විශිෂ්ටතා සිංහ සමාජය, STEMI සංසදය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ ධර්මාශෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් පුද්ගලයන් 500ක් ඉලක්ක කර මහා පරිමාණ වෛද්‍ය සහ නීති සේවා කඳවුරක් රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් අනුග්‍රහය යටතේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය පරිශ්‍රයේදී පවත්වන ලදී.
වත්මන් සමාජ සභාපති (2021-2026) අයේෂ් ද සිල්වා මුලසුන හෙබවූ මෙම වැඩසටහනට විශේෂඥ වෛද්‍ය‍ මනිල්ක සුමනතිලක, විශේෂඥ වෛද්‍ය‍ ගෝඨාභය රණසිංහ, ශල්‍ය වෛද්‍ය නලිත එන්. විජේසුන්දර, ශල්‍ය වෛද්‍ය කුගදාස් සුදර්ශන, වෛද්‍ය හෂිනි විජේසේකර සහ වෛද්‍ය පියදිගම සහභාගි වූහ. ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්නගේ (ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති) මඟ පෙන්වීම යටතේ නීති ආධාර සේවා සැපැයූ අතර රෝද පුටු සහ ක්‍රීඩා උපකරණ බෙදාහැරීම ඇතුළු සුබසාධන වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක විය. රුපියල් මිලියන 3 කට ආසන්න මුදලක් ව්‍යාපෘතියට වැය කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දිස්ත්‍රික් ආණ්ඩුකාර මහේෂ් බොරළුගොඩ සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස රෝයල් නර්සින් හෝම් සභාපති හා සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මනුජ හේවාවසම් සහභාගි විය. කැබිනට් ලේකම් සිංහ ධනුෂ්ක සන්දනායක, කැබිනට් භාණ්ඩාගාරික සිංහ සමිත් මාපලගම සහ හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ද මෙම අවස්ථාවට එක් වූහ.



අදහස් (0)

සිංහ සමාජයේ වෛද්‍ය හා නීති ප්‍රජා කඳවුරට රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site