IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සේවා අංශයේ අපනයන අර්බුදයට පෙර මට්ටම පසුකරලා

 


විමුක්ති එස් රුද්‍රිගු


මෙරට ආර්ථික අර්බුදය ඇති වීමට පෙර තිබූ සේවා අංශයේ අපනයන මට්ටම පසුගිය වසර අවසාන වනවිට පසුකර යෑමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි චාර්ට්ස්.එල්කේ වෙබ් අඩවියේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

සංචාරක, තොරතුරු තාක්ෂණ සහ පරිගණක යන අංශවල සේවා, සේවා අංශයේ අපනයනවලට අදාළ වන බවත් විදේශීය ඉදිකිරීම්, රක්ෂණ, වෘත්තීය සහ කළමනාකරණ උපදේශනය, තාක්ෂණික, වෙළෙඳාම සහ අනෙකුත් ව්‍යාපාරික සේවාද සේවා අංශයේ අපනයනවලට අදාළ වන බවත් චාර්ට්ස්.එල්කේ වෙබ් අඩවියේ දත්ත වාර්තාවල දැක්වේ.

සේවා අංශයේ අපනයනවල ස්ථාවර වර්ධනයක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතර වෙළෙඳ භාණ්ඩ අපනයනයේදී ක්‍රම පුළුල් වර්ධනයක් අපේක්ෂා කරයි. සේවා අංශයේ අපනයන විදේශ විනිමය රට තුළට ගලා ඒමට සහ රටින් පිටතට ගලායාමට හේතුවේ. චාර්ට්ස්.එල්කේ වෙබ් අඩවියට අනුව පසුගිය වසර කීපය තුළදී ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් විදේශගත වීම හේතුවෙන් රටින් පිටතට විදේශ විනිමය ගලා යාම ඉහළ ගොස් තිබිණි.

 



අදහස් (0)

සේවා අංශයේ අපනයන අර්බුදයට පෙර මට්ටම පසුකරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site