IMG-LOGO

2026 පෙබරවාරි මස 18 වන බදාදා


ස්විස්ටෙක් ඇලු‍මිනියම් නවතම ප්‍රදර්ශනාගාරය විවෘත වේ

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  ප්‍රමුඛපෙළේ ඇලු‍මිනියම් සැපයුම්කරුවකු වන ස්විස්ටෙක් ඇලු‍මිනියම්, සිය නවතම ප්‍රදර්ශනාගාරය ((Design Studio)  කොළඹ 05 නාරාහේන්පිට, නාවල පාරේ 118A හිදී පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. 
පාරිභෝගිකයන්ට සජීවී අත්දැකීම් ලබා ගත හැකි අවකාශයක් ලෙසින් නිර්මාණය කර තිබෙන මෙම ප්‍රදර්ශනාගාරය, ශ්‍රී ලංකාවේ පළමු සැබෑ SLIMLINE  ස්ලයිඩින් පද්ධති සමගින්, සහතික කළ Powder Coated  සහ දැවමය නිමාවෙන් යුත් ඇලු‍මිනියම් දොරවල් සහ ජනෙල් ඇතුළු ස්විස්ටෙක්හි ඇලු‍මිනියම් නිෂ්පාදනවලින් සමන්විත වේ. 
විවෘත කරන ලද නවතම ප්‍රදර්ශනාගාරය පිළිබඳව අදහස් දක්වමින් ස්විස්ටෙක් ඇලු‍මිනියම් හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ දමින්ද පෙරේරා මහතා මෙසේ පැවසුවේ ය.‘අද වනවිට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇලු‍මිනියම් යනු සරල ගොඩනැංවීම්වලින් ඔබ්බට ගොසින් නවීන මෙන්ම සෞන්දර්යාත්මක මුහුණුවරක් ගෙන දෙන නිෂ්පාදනයක් බවට පත්ව තිබෙනවා. මෙම නව ප්‍රදර්ශනාගාරයෙන් පාරිභෝගිකයන්ට හා වෘත්තිකයන්ට ඇලු‍මිනියම් නිෂ්පාදන, බිම් ආවරණ (Flooring) සහ ගෘහ අලංකරණ ආදියේ අත්දැකීම් රැසක් ලබා ගත හැකියි. 
ශ්‍රී ලංකාවේ නිවාස හිමියන්ට සහ ඉදිකිරීම් අංශයේ වෘත්තිකයන්ට විශ්වාසයෙන් යුතු ඇලු‍මිනියම් විසඳුම් තෝරා ගැනීම සඳහා සුවිශේෂී නිර්මාණාත්මක අවකාශයක් වශයෙන් මෙම ප්‍රදර්ශනාගාරය විවෘතව පවතියි. 



අදහස් (0)

ස්විස්ටෙක් ඇලු‍මිනියම් නවතම ප්‍රදර්ශනාගාරය විවෘත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site